මව සහ දියණිය ඝාතනය කල පුතු සොයා මෙහෙයුම්! (Photos)

0

නුවරඑළිය පූඩළුඔය පොලිස් වසමට අයත් ඩන්සිනන් වතුයායේ අගරවත්ත කොටසේ වතු නිවාස පේලියක ජීවත්වූ මව සහ දියණිය තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට මියගිය මවගේ වැඩිමහල් පුත‍්‍රයා සොයා පූඩළුඔය පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.අද අළුයම 3 ට පමණ ඔවුන් පදිංචිවී සිටි නිවසේම ඝාතනය කර ඇති බවට පූඩළුඔය පොලීසියට ලැබුණු තොරතුරක් මත පොලීසිය විසින් මෙම සිරුර දෙක සොයා ගෙන තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ ආඩිපේච්චායි (අවු.52) මව සහ නිත්‍යකල්යාණි(අවු.30) යන දියණියයි.මෙම ද්විත්ව ඝාතනය පවුල් ආරවුලක් මත සිදුවී ඇති බවට පොලීසිය සැක පහල කරනවා.මෙසේ මියගිය මවගේ වැඩිමහල් පුත‍්‍රයා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවට පොලීසිය සැක පහල කරනවා.

මෙම සැකකරු මේ වන විට ප‍්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු සොයා පූඩළුඔය පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා. මෙම ද්විත්ව ඝාතනය සම්බන්ධ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය අද (20) දහවල් නාවලපිටිය මහේස්ත‍්‍රාත් හා දිසාවිනිසුරු එන්.කේ.මහින්ද විසින් සිදුකළා. මෙම සිරුර දෙක පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නාවලපිටිය අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස මහේස්ත‍්‍රාත්වරයා පූඩළුඔය පොලීසියට නියෝග කළා. මෙම ද්විත්ව ඝාතනය පිළිබඳව පූඩළුඔය පොලීසිය පරීක්ෂණ පවත්වනවා.

(හැටන් -රංජිත් රාජපක්ෂ )

Murder (1) Murder (3) Murder (5) Murder (7) Murder (8) Murder (9)