අලියා මංඤඤං වේ ?

0

එක පිට එක සිදුවූ දේශපාලන සිදුවීම් කිහිපයක් හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ මෙහෙයුම් කටයුතු අසාර්ථකවී ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙනවා.විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය විසින් ඔවුන්ගේ ඕනෑ එපාකම් සපුරා ගැනීම සදහා ළගින්ම තබා ගත්තේ ජනතා විමුක්ති පෙරමුණයි.

නමුත් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායකයා සෝමවංශ අමරසිංහ එම පක්ෂයෙන් ඉවත් වීමත් සමගින් එහි ඇගිල්ල දික්වූයේ එක්සත් ජාතික පක්ෂයට බව දන්නෝ හොදාකාරවම දනී. ඒ නිසාම ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායකද දැඩි අර්බුධයකට ලක්ව සිටී.ඒ හරහා එජාපයේ වැඩ සියල්ලක්ම අසාර්ථකවී ඇති බවයි වාර්තා වන්නේ.

එසේම මෛත්‍රිපාල සිරිසේන මේ දිනවලදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ විසිරි සිටින පිරිස ඒකරාශි කිරීමත් එජාපයට ගැටළුවක්වී පවතී.මෛත්‍රිපාල සිරිසේන මුලින් මුලින් එජාපයට ළෙන්ගතුව කටයුතු කලද ඔහු ටික දිනක පටන් සන්ධානය පැත්තට කතා කිරීම ඇතුළු තවත් කාරණා කීපයක් නිසා එජාපය උඩු යටිකුරුවී සිටින බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.