19 කොට උඩ!

0

19 වන ව්‍යවස්ථා සංශෝදනයට ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහය නොදෙන බවට පක්ෂ නායක රැස්වීමේදී තීරණයවූ බව ජවිපෙ ප්‍රචාරක ලේකම්,පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසයි.

අද (20) පක්ෂ නායකයින්ගේ රැස්වීමක් පැවති අතර එහිදී විපක්ෂනායක නිමල් සිරිපාලද සිල්වා විසින් මේ තීරණය ගෙන තිබේ.එහිදී විපක්ෂ නායකවරයා අවධාරණය කර ඇත්තේ ,19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ මැතිවරණ ක්‍රමය සංශෝධනයට අදාළ විධිවිධාන අන්තර්ගත ‍නොවන බැවින් එයට විරුද්ධ බවයි.එය සංශෝදනය කර නැවත ගෙන එන්නේ නම් සහය ලබා දෙන බවද නිමල් සිරිපාලද සිල්වා එහිදී ප්‍රකාශ කල බවයි විජිත හේරත් කියා සිටියේ.