යහපාලකයන්ට මෛත්‍රිය ඇති වේවා!

0

තමන් අතින් පසුගිය කාලසීමාව තුළදී වැරදි අඩුපාඩු සිදුවූ බවත් ඒවා නැවතත් සිදු නොවන බවට තමන් පොරොන්දු වන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.ඔහු මේ බව සදහන් කලේ අද (20) මොණරාගල ප්‍රදේශයේ හම්බෙගමුව පුරාණ රජමහා විහාරයේ පැවති බෝධි පූජා පිංකමට එක් වෙමිනි.

තමන්ට අල්ලස් කොමිසමට පැමිණෙන ලෙසට දැනුම්දී තිබෙන බවත් බෝධි පූජාවේ පිං බලයෙන් වත්මන් පාලනය තුළ පවතින ක්‍රෝදය ,වෛරය නැතිවේවා යැයි තමන් ප්‍රාර්ථනා කරන බවද මහින්ද රාජපක්ෂ අවධාරණය කලා.

වැරදිකරුවන්ට දඩුවම් ලබා නොදීම තමන් කල එකම වැරැද්ද බවත් ඒ වෙනුවෙන් තමන් ජනතාවගෙන් සමාව ඉල්ලන බවද මහින්ද රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියා.