මේක සිම්පල් වැඩක්!

0

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීම පහසුවෙන්ම කල හැකි බව ජාතික හෙළ උරුමය පවසයි.අද (21) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව කියා සිටියා.

පාර්ලිමේන්තුවේ ජයග‍්‍රහණ අත්කර ගැනීම සදහා ජනාධිපතිවරයා ,අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයාගේ එකගතාව අවශ්‍ය බවයි හෙළ උරුමය පෙන්වා දුන්නේ.එසේම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩල ජනමතයට අනුව ක‍්‍රියාත්මක නොකළහොත් ජනතා කැරැල්ලක් ඇතිවිය හැකි බවද ඔහු අවධාරණය කලා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය පාඨලි චම්පික රණවක ,

ව්‍යවස්ථා විරෝධි කැරළිකාර අදහස් වලින් වෙන්නේ කැරැල්ලක් ඇතිවෙන එක.මේ ව්‍යවස්ථාව නිතීය නොතකා ක්‍රියාත්මක කරන්න එක්සත් ජාතික පක්ෂය කටයුතු කරනවා නම් ඒකට ප්‍රතිකර්මයක් ඇති වෙයි.එකේ වගකීමත් එජාප නායකයෝ විසින් භාර ගන්න ඕන.