මහින්දට හොදම වැඩේ! (Video)

0

ජනාධිපතිවරණ කාලසීමාව තුළදී මහින්ද රාජපක්ෂ තමාට අල්ලස් ලබා දීමට සුදානම්වූ බව ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.ඔහු මේ බව කියා සිටියේ ගල්ල ප්‍රදේශයේ පැවති ජන හමුවකදීය.

මහින්ද රාජපක්ෂ තමන්ට කල සියළු දෑ අද ඔහුට හීනෙන් පෙනෙන බවද ෆොන්සේකා සදහන් කලා.

වැඩිදුරටත් අදහස් දැක්වූ සරත් ෆොන්සේකා ,

දැන් මහින්ද බය වෙලා ගැස්සිලා කෑ ගහලා කියනවා අපෙන් පලි ගත්තෝ කියලා.එතකොට එයා අපෙන් පලි ගත්තේ නැද්ද ?එයා හරි ආදරෙන් කරුණාවෙන් අපේ ඔළුව අත ගාලා ආදරෙන් බදාගෙන තමයි හිටියේ ඒ කාලේ.

දරුවෝ හිරේ දාන්න හදනවළු.එයාට මතක නෑ එයා අපේ දරුවොන්ට කරපු දේවල්.අතීතයේ අපිට කරපු දේවල් එයාට පරිස්සන් දීලා.ඔය දැන් කයිවාරු ගහන බලවේග සියල්ලම ආවා මගේ ගෙදරට.