ඉන්දු-ලංකා ගිවිසුම් අපට බොහෝ දේ අහිමි කළා

0

1987 වසරේ අත්සන් කළ ඉන්දු – ලංකා ගිවිසුම හේතුවෙන් දෙමළ ජාතිකයින් වන අප බොහෝ ‍දේ අහිමි කරගෙන ඇති බව මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පී.අරියනේන්ද්‍රන් පැවසු බව තමිල්වින් වෙබ් අඩවිය වාර්තා කරයි. කන්නගි මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේ පැවති අළුත් අවුරුදු ක්‍රීඩා උත්සවයකට එක්වෙමින් මන්ත්‍රිවරයා ක්‍රියා සිටියේ 13 වන සංශෝධනයෙන් පසු, දෙමළ ජනතාවට බොහෝ දේ අහිමි ව ගිය බවයි.

“වසර 65 ක කාලයක් පුරා චෙල්වනායගම් මහතාගේ අවිහිංසාවාදි මාර්ගයේ සිට සටන් කළෙමු. එම මාර්ගයෙන් අපට විසඳුමක් නොලැබුණොත් අනාගත තරුණ පරපුරට සටන් කිරීම තුලින් අයිතිවාසිකම් දිනා ගත හැකිය යනුවෙන් කළ ප්‍රකාශයට අනුව ප්‍රභාකරන් විසින් එම සන්නද්ධ සටන තම දෑතට ගන්නා ලදි. එයද විදෙස් හමුදාවල උපක්‍රම හේතුවෙන් නිහඬ කිරීමෙන් පසු, දැන් අපගේ නායකයා ලෙස ආර්.සම්බන්ධන් මහතා සටන අතට ගෙන කටයුතු කරමින් සිටියි. මොවුන් සෑම අයෙකුගේම සටන තුල ප්‍රධාන අදහසක් පවති. එය නම් දෙමළ ජනතාව මෙරට සියළු නිදහස ලබාගෙන ජීවත් විය යුතුය යන්නයි.

සම්බන්ධන් මහතාගේ කාලයේදී අපගේ ජනතාව සඳහා වන අවසන් විසඳුම ලබාගෙන ජීවත් විය යුතුය යන්න වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ සිටින සියළු දෙනා වෙහෙස නොබලා රාජතාන්ත්‍රික වශයෙන් කටයුතු කරමින් සිටියි. සමාජයටත්, අධ්‍යාපනයටත්, දේශපාලනයටත් අතර විශාල සම්බන්ධතාවයක් ඇත. මෙය සියළු ජනතාව තේරුම් ගත යුතුය. මේ වන විට 19 වන ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව සාකච්ඡා කරමින් සිටියි.

මෙය පාර්ලිමේන්තුව තුල බොහෝ ආන්දෝලන ඇතිකර ඇත. එයට පෙර, 13 වන ව්‍යවස්ථා සංශෝධනය 1987 කාලයේදී ඉන්දු – ලංකා ගිවිසුම මාර්ගයෙන් ගෙන එන ලදි. එයට පසු, නැගෙනහිර පළාත් සභා ක්‍රමය ගෙනඒම සිදුවිය. 13 වන සංශෝධනයෙන් පසු, දෙමළ ජනතාව වන අප බොහෝ අහිමිවීම් වලට මුහුණ දුන්නෙමු. ලාංකීය සහ ඉන්දීය හමුදා වල මර්ධනයට එරෙහිව අන්නෙයි පූපති වසර 27 කට ඉහතදී, මඩකලපුව අමිර්තකලි මාමාංගපිල්ලෙයාර් කෝවිල ඉදිරිපිට මිය යන තෙක් උපවාසයේ නිරතව සිටියාය. දෙමළ ජනතාව වෙනුවෙන් විසඳුමක් ලැබිය යුතුය යන දැඩි තීරණයේ සිට ඇය ජිවිතය පුජා කළාය.

ඇය පමණක් නොව, තිලීපන්ද අපගේ ජනතාව වෙනුවෙන් අවසන් සුසුම තෙක් උපවාසයේ සිට ජිවිතය පුජා කරන ලදි. ඔවුන්ගේ පරිත්‍යාගයන්ට දෙමළ ජාතිකයින් වන අප සෑම අයෙකුම ගරු කළ යුතුය. අප ගරු කරන විටදී ඒවා ලේඛන ගත වනු ඇත. ඒවා ලේඛන ගත වන විටදී අපගේ තරුණ ප්‍රජාවට අපගේ අතීතය පිළිබඳ දැනගැනීමට හැකිවනු ඇත”