19 කචල් වීම කුමන්ත්‍රණයක් ?

0

19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඊයේ (21) දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සුදානම් වුවත් එය අපේක්ෂා කල පරිදි සිදු කිරීමට ආණ්ඩු පක්ෂයට හැකියාවක් ලැබුණේ නෑ.ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අල්ලස් කොමිසමට කැදවීම සිදු නොකල යුතු බව පවසමින් මන්ත්‍රිවරුන් පිරිසක් පාර්ලිමේන්තුව ඇතුළත සහ පිටත ඝෝෂාකාරි ලෙස හැසිරීම නිසාවෙනි.

නමුත් දේශපාලන විචාරකයන් සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන් පෙන්වා දෙන්නේ එය විපක්ෂය විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වැළැක්වීම සදහා ගෙන ආ කුමන්ත්‍රණයක් බවයි.ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡා කීපයකදීම මේ බව පැහැදිලිව ප්‍රකාශ කෙරුණා.කෙසේ වෙතත් විපක්ෂයේ මන්ත්‍රිවරුන් මේ මොහොතේ මහත් උජාරුවෙන් කටයුතු කරමින් සිටී.ඒ ඔවුන්ගේ අභිප්‍රායන් කෙසේ හෝ සම්මත කර ගැනීමට ඔවුන්ට හැකියාවක් ලැබුණ නිසාවෙනි.

නමුත් පොරොන්දුවූ ලෙස 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ නොහැකියාව තව තවත් සනාථවූ බවයි ජනතා අදහස් වල නම් සදහන් වන්නේ.සභාව තුළ ඇතිවූ උණුසුම්කාරි තත්වය මතයි මෙලෙස සභාව කල් තැබීමට තීරණය කල බව කතා නායකවරයා විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.

කෙසේ හෝ ප්‍රකාශ කල අන්දමට 19 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඉදිරිපත් කිරීමට නොහැකිවන ලෙසට බොහෝම සැලසුම් සහගතවවිපක්ෂය විසින් සිදුකල සියල්ලක්ම සාර්ථකවී ඇති බවයි වාර්තා වන්නේ.මේ හේතුව නිසාම එක්සත් ජාතික පක්ෂය සහ ආණ්ඩු පක්ෂය දිගින් දිගටම අර්බුධ රැසකටම මුහුණපාන බවද වාර්තා වෙනවා.