මේවා මහ කැත කතා!

0

යම් කෙනෙකුට චෝදනාවක් සිදු කරන්නේ නම් එය සාක්ෂි ඇතිව ඔප්පු කල යුතු බව සේමිණී ඉද්දමල්ගොඩ පවසයි.අද (22) රාජගිරිය පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඇය මේ බව සදහන් කලා.

වෙලේ සුදා හෙළි කර ඇති තොරතුරු අනුව වෙලේ සුදා සමග සබඳතා පැවැත්වූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම සදහා මෙම මාධ්‍ය හමුව කැදවා තිබූ අතර ඒ සදහා දිල්හානි අශෝකමාලා, නදීකා ගුණසේකර, ලෝචනා ඉමාෂි ඇතුළු පිරිසක් සහභාගිවී සිටියා.

බොරු චෝදනා නගමින් ඇගිල්ල දික් කිරීම සදාචාර සම්පන්න නොවන බවත් සාක්ෂි සොයා ගැනීමටත් පෙර මෙවන් චෝදනා එල්ල කිරීම සුදුසු නොවන බවද ඇය සදහන් කලා.

මේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ලෝචනා ඉමාෂි කියා සිටියේ අපි සියළු දෙනාටම පෞද්ගලික ජිවීත පවතින අතරම ඒ සියල්ලක්ම තමන්ගේ වෘත්තීය ජිවීතයට ඇතුළත් නොවන බවයි.වෘත්තීය ජිවීතය තුළ කුමන චරිතයක් රග පෑවද තමන් ඇතුළු පිරිස සමාජය තුළ ජීවත්වන සාමාන්‍ය පිරිස් බවයි ඇය කියා සිටියේ.

එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් හැකි ඉක්මණින් සොයා බලන ලෙසටද සේමිණි ඉද්දමල්ගොඩ පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කලා.