ට්‍රැක්ටරයක් ප්‍රපාතයේ -03 කට බරපතලයි! (Photos)

0

හැටන් පොලිස් වසමට අයත් දික්ඔය ඉන්වරි වතුයායේ තේ කර්මාන්ත ශාලාවකට තේ දළු ප‍්‍රවාහනය කළ ට‍්‍රැක්ටරයක් එම වතුයාය තුළම අඩි තිහක ප‍්‍රපාතයකට පෙරලීමෙන් එම ට‍්‍රැක්ටරය පැදවූ රියදුරා සහ තවත් දෙදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අද (22) පස්වරු 4.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇති බවයි හැටන් පොලීසිය පවසන්නේ. ට‍්‍රැක්ටර් රථයේ හදිසියේ ඇතිවූ කාර්මික දෝෂයක් මෙම අනතුරට හේතුවී ඇති බව අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වන හැටන් පොලීසිය පවසනවා . දික්ඔය රෝහලට ඇතුලත් කළ තිදෙනාගෙන් ට‍්‍රැක්ටර් රථයේ පිටුපස ගමන්කළ එක් අයෙකුගේ තත්වය බරපතල නිසා ඔහුව නාවලපිටිය මූලික රෝහල වෙත මාරුකර යවා තිබෙනවා.

(හැටන් -රංජිත් රාජපක්ෂ )

DSC09879 DSC09880 DSC09882 DSC09883