ගෝඨාට අත නොතබනු!

0

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ අල්ලස් කොමිසමට කැදවීමට දැඩි ලෙස විරුද්ධ බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.අද (22) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සදහන් කලා.

ගෝඨාබය රාජපක්ෂට හෙට (23) දිනයේදී සහ 27 වනදාට අල්ලස් කොමිසමට පැමිණෙන ලෙසට දැනුම්දී ඇති අතර එය සිදු නොකල යුතු බවයි උදය ගම්මන්පිල ප්‍රකාශ කලේ.ඒ අනුව හෙට උදෑසන 8.30 සිට 9.30 දක්වා අල්ලස් කොමිසම ඉදිරිපිට විරෝධතාවයක් පවත්වන බවද උදය ගම්මන්පිල ප්‍රකාශ කලා.