බැසිල් මැයි 5 වැනිදා දක්වා රිමාන්ඩ්-කොළඹ ආරක්ෂාව තර කෙරේ

0

අද සවස අත් අඩංගුවට ගත් හිටපු ඇමැති බැසිල් රාජපක්ෂ, හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍යංශ ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, හිටපු දිවි නැගුම අධ්‍යක්ෂ ජනරාල් ඒ.කේ.කේ.රණවක යන තිදෙනා ලබන මැයි 5 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත්කිරිමට කඩුවෙල මහේස්ත්‍රාත් උසාවිය නියෝග කර තිබේ.අද රාත්‍රී 9.35 ට පමණ කඩුවෙල මහේස්ත්‍රාත් උසාවිය වෙත ඔහුන් රැගෙන එනු ලැබු අතර බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන යාමත් සමග අධිකරණයෙන් පිටත රැස්ව සිටි දහසකට අධික පිරිස් කෑකෝ ගසමින් උද්ඝෝෂණයකද නියැලුනා.

මේ අතර වැලිකඩ බන්ධනාගාරය අවට බේස්ලයින් පාරේද සෙසු පාරවලද ආරක්ෂාව තරකර කර තිබෙන බව අප වාර්තාකරු සදහන් කළා.කැරලි මර්දන පොලිස් කණ්ඩායම්ද සෙසු පොලිස් බල ඇණිද තැන තැන රඳවා ඇති අතර කොළඹ නගරය තුල නොසන්සුන්තාවයක් ඇතිවීමට ඉඩ තිබෙන බවට පොලිසිය සැක පලකර තිබෙන බවද ඔහු සදහන් කළා.