දින 100 කෙරුවාව!

0

යහපාලන ආණ්ඩුවේ දින 100 අදින් නිමාවට පත්වනවා.ඒ හේතුවෙන් අද (23) රාත්‍රියේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ජාතිය ඇමතීමට නියමිතයි.එහි සජිවී විකාශය අද රාත්‍රි 9.00ට සියළු මාධ්‍ය ඔස්සේ ගෙන ඒමට මාධ්‍ය සියළු කටයුතු සුදානම් කර අවසන්.

රටේ ආර්ථිකය නගා සිටුවීම ,වංචා දූෂණ වලට සම්බන්ධ අයට නිතීය ක්‍රියාත්මක කර දඩුවම් ලබා දීම ,විධායක ජනාධිපතිධූරයා අහෝසි කිරීම දින 100 වැඩ පිළිවෙලේ හරහා ජනතාවට ලබා දුන් පොරොන්දු වූවා.

2015 ජනවාරි 10 වන සෙනසුරාදා මෙරට ජනාධිපති වශයෙන් දිවුරුම් දුන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන 11 වන ඉරිදා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යරයා වශයෙන් ඇතුළත් වන පරිදී පාර්ලිමේන්තුව නියෝජනය කරන අනෙකුත් දේශපාලන පක්ෂ වල මන්ත්‍රිවරුන්ගෙන් සමන්විත සර්ව පාක්ෂික කැබිනට් මණ්ඩලයක් පත් කලා.

එසේම 12 වන සදුදා ශ්‍රි ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම වෙනුවෙන් යෝජිත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සදහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියළු දේශපාලන පක්ෂ සහ අනෙකුත් පුරවැසි සංවිධාන වල නියෝජනත්වයෙන් යුතු ජාතික උපදේශක සභාවක් පත් කෙරුණා.

19 වනදා පාර්ලිමේන්තුව කැදවීම සිදුවූ අතර 20 ස්ථාවර නියෝග සංශෝදනය කොට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ ඇතුළත්ව තිබෙන පා .67/10 අංක දරන යෝජනාවේ සදහන් පරිදී අධීක්ෂණ කාරක සභා සදහා සර්ව පාක්ෂික කැබිනට් මණ්ඩලය නියෝජනය නොකරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පත් කිරීම හා පක්ෂ නායකයන්ගේ එකගත්වය ඇතිව සෑම පක්ෂයක්ම නියෝජනය වන පරිදී ඒවාහි සභාපතිවරුන් පත් කිරීම සිදු වූවා.

21,28,29 සහ 30 යන දිනයන් වලදී ,දැනට පවතින අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධවූ විධායකයක් සහිත ආණ්ඩුක්‍රම ව්යූහයක් ස්ථාපිත කිරීම හා 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනය අහෝසි කරමින් ස්වාධින අධිකරණ කොමිසම ,ස්වාධින පොලිස් කොමිසම ,ස්වාධින රාජ්‍ය සේවා කොමිසම ,ස්වාධීන මැතිවරණ කොමිසම ,ස්වාධීන අල්ලස් හා දුෂණ කොමිසම ,මානව හිමිකම් කොමිසම බලාත්මක කිරීම ඇතුළත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝදනය කෙටුම්පතක් වශයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ව්‍යවස්ථා සංශෝදන ක්‍රියාවලිය ආරම්භ කර හැකි ඉක්මණින් සම්මත කර ගැනීමට පියවර ගැනීම ,මනාප ඡන්ද ක්‍රමය සහමුලින්ම අහෝසි කොට සෑම මැතිවරණ කොට්ඨාශයකටම මන්ත්‍රිවරයෙකු ලැබෙන පරිදී මන්ත්‍රි ආසන ක්‍රමය හා සමානුපාතික ක්‍රමයේ සම්මිශ්‍රණයක් සහිත නව මැතිවරණ ක්‍රමය සදහා යෝජනා ඉදිරිපත් කිරීම පිළිබද සර්ව පාක්ෂික කමිටුව පත් කිරීම ,කඩිනම් සහන ලබාදී ජන ජිවීතය යළි නගා සිටුවීම සදහා විශේෂ පියවර ඇතුළත් අතුරු අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ,කඩිනම් සහන ලබාදී ජන ජිවීතය යළි නගා සිටුවීම සදහා විශේෂ පියවර ඇතුළත් අතුරු අයවැයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ,අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවාවන් රාශියක බදු අඩු කිරීම සහ වැටුප් වැඩි කිරීමද එම දිනවලදී සිදු වූවා.

එසේම පෙබරවාරි 02 වන දින සියලුම මහජන නියෝජිතයින් විසින් පිළිපැදිය යුතු චර්‍යාධර්ම සංග්‍රහයක් නිතී ගත කිරීම ,04වනදා ප්‍රජාතන්ත්‍රවාදය ,යහපාලනය හා ජනතා පරමාධිපත්‍ය යළි පිහිටුවන ලද නව ශ්‍රි ලංකාවේ නිදහස් දිනය සැමරීමත් සිදු වූවා.

පසුගිය කාලයේ සිදුවී ඇති මහා පරිමාණ දූෂණ සොයා බැලීම සදහා විශේෂ විනිච්ඡය සභා පත් කිරීම ,ජාතික ඖෂධ ප්‍රතිපත්තිය කැබිනට් මණ්ඩලයෙන් අනුමත කොට පනත් කෙටුම්පත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ,ස්වාධීන කොමිෂන් සභා ඊට අදාළ පත්වීම් සිදු කිරීම ,ජාතික විගණන පනත ඉදිරිපත් කිරීම ,තොරතුරු දැන ගැනීමේ පනතද ඉදිරිපත් වූයේ පෙබරවාරි මාසයේදීය.

මාර්තු,අප්‍රේල් මාස වලදීද දින 100 වැඩපිළිවෙලට අදාළව සිදුවීම් රාශියක් සිදුවූ අතර එම දින 100 අද නිමාවට පත් වනවා.නමුත් දින 100 පොරොන්දුවූ වැඩපිළිවෙල ඒ අයුරින්ම නිමා කිරීමට වත්මන් රජයට හැකියාවක් නොලැබුණු බවයි දේශපාලන විචාරකයන් පෙන්වා දෙන්නේ.