දින 100 සමරන්න ගෝඨා දඩයමේ! (Photos)

0

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ අල්ලස් කොමිසමට කැදවීමට විරෝධය පාමින් මේ වන විටත් අල්ලස් කොමිසම ඉදිරිපිට විරෝධතාවයක් පැවැත්වෙනවා.

එම විරෝධතාවය සදහා බොදු බල සේනා සංවිධාන ,උදය ගම්මන්පිල ඇතුළුව විශාල ජනකායක් පැමිණ සිටින බවයි එහි සිටින අප වාර්තාකරුවන් ප්‍රකාශ කලේ.

පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල ඊයේ දිනයේදී මෙම විරෝධතාවය අල්ලස් කොමිසම ඉදිරිපිට පැවැත්වෙන බව ප්‍රකාශ කලා.නමුත් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය මෙම විරෝධය තහනම් කරමින් නියෝගයක්ද නිකුත් කලා.අදාළ පිරිස එම අධිකරණ නියෝගය නොතකමිනුයි මෙලෙස විරෝධතාවයේ නියැලෙන්නේ.කෙසේ වෙතත් පොලිසිය ප්‍රකාශ කලේ අවශ්‍ය වුවහොත් විරෝධතාවය මැඩලීම සදහා පොලිස් බලය පාවිච්චි කරන බවයි.

විරෝධතාවයට පැමිණ සිටින පිරිස ප්‍රකාශ කරන්නේ ,දින 100 සැමරීමට ජාතික වීරයන් වන ගෝඨාබය රාජපක්ෂ දඩයම් කිරීමට කිසිවිටෙකත් ඉඩ නොතබන බවයි.බන්දුල ගුණවර්ධන ,ඩලස් අලහප්පෙරුම ඇතුළු මන්ත්‍රිවරුන් විශාල පිරිසක් මේ සදහා සහභාගිවී සිටිනවා. දේශපාලන පලි ගැනීම් වහාම නතර කල යුතු බවත් රණවිරුවන් දඩයම් කිරීම සදහා කිසිලෙසකින් ඉඩ නොතබන බවද විරෝධතාකරුවන් ප්‍රකාශ කරනවා.

11037284_782870248487123_3008309675026363377_o 11039194_782871315153683_5907572257661433890_o 11049494_782871275153687_8067031936475410217_o 11077523_782871485153666_329285683439985080_o 11146422_782871601820321_8776824444134864225_o 11149607_782869841820497_9094810567047575603_o 11154699_782871221820359_8036604271589638852_o 11155149_782871521820329_113532202453377688_o 11077523_782871485153666_329285683439985080_o - Copy 11037284_782870248487123_3008309675026363377_o - Copy 11039194_782871315153683_5907572257661433890_o - Copy 11049494_782871275153687_8067031936475410217_o - Copy