28 පාර්ලිමේන්තුව විසුරුවනවා

0

යහපාලනය තහවුරු කිරීම සදහා දින 100ක පරමාර්ථ ඉටු කර ගැනීමට නොහැකි වුවහොත් 28 වනදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු කරන බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අජිත් .පී .පෙරේරා පවසයි. කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යරයා මේ බව සදහන් කලා.

ජනතාව වත්මන් ආණ්ඩුවට ජනවරම ලබා දුන්නේ අප්‍රේල් 23 දක්වා පමණක් බවත් ඉන්පසුව ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යෑමට නම් ජනතාවට සාධාරණ හේතුවක් ඉදිරිපත් කල යුතු බවද අමාතරයා කියා සිටියා.

පාර්ලිමේන්තුවේ සිටින මන්ත්‍රිවරුන්ගෙන් 75 දෙනෙකු විරුද්ධ වුවත් 19 වැනි ව්‍යවස්ථාව සංශෝදනය සම්මත කර ගැනීම සදහා ජනාධිපතිවරයාට බහුතරය සිටින බව තමන් විශ්වාස කරන බවද අමාත්‍යරයා කියා සිටියා.ලබන 27 සහ 28 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝදනය සම්මත කර ගැනීමට ලැබෙන අවසන් අවස්ථාව බවද අමාත්‍යරයා සදහන් කලා.