යහපාලන ටොයියන් රට කෑවා (Video)

0

ගෝඨාබය රාජපක්ෂ අල්ලස් කොමිසම වෙත පැමිණියත් මීට සුළු මොහොතකට පෙර ඔහු එම ස්ථානයෙන් පිටත්ව ගියා.ගෝඨාබය රාජපක්ෂ එහිදී අල්ලස් කොමිසමෙන් තමාට එරෙහි චෝදනාවලට අදාළව අධ්‍යයනය කර ලියවිලි සහිතව පැමිණ ප්‍රකාශයක් ලබාදීමට දින 90ක කාලයකින් දිනයක් ලබා දෙන ලෙසට ඉල්ලීමක් කර තිබෙනවා.

වසර 7කට පමණ ඉහතදී මිහින් ලංකා ගුවන්සේවා සාමගමට අදාළව සිදු කෙරුණු ගනුදෙනුවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම ගෝඨාබය රාජපක්ෂගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

කෙසේ වෙතත් ගෝඨාබය රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණීමට විරෝධතාවය පාමින් පැමිණ සිටී පිරිස සදහන් කලේ ,දින 100 හරහා රට විනාශවී ඇති බවත් යහපාලන ටොයියන් විසින් ජාතික වීරයන් දඩයම් කරමින් සිටින බවයි.