මහපොළ රුපියල් 5000 ලබන 1 වැනිදා සිට

0

එක්සත් ජාතික පක්ෂය ආලෝකවත් කළ ලලිත් ඇතුළත්මුදලි වැනි රට ගැන හිතා වැඩ කළ නායකයන් රටට අහිමි විමේ ප්‍රතිවිපාක ශ්‍රී ලංකාව අද භුක්ති විදිමින් සිටින බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.අද (23)දිනට යෙදී තිබුන සරසවි සිසුන්ට සිය අධ්‍යාපනය නිදහසේ කරගෙන යාමට නැවත අය කිරීමකින් තොරව රජය නොමිලේ ලබාදෙන මාසික ශිෂ්‍යාධාර ක්‍රමයක් ලෙස ‘මහපොළ ශිෂ්‍යත්ව‘ රටට හඳුන්වා දුන් හිටපු අමාත්‍ය දිවංගත ලලිත් ඇතුළත්මුදලිගේ 22 වැනි ගුණානුස්මරණයට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ රුපියල් 5000 දක්වා ඉහළ නැංවූ මහපොළ ශිෂ්‍යත්වය ලබන මස (මැයි) 01 දින සිට ලබාදෙන බවයි.

‘‘ එක්සත් ජාතික පක්ෂය ආලෝකවත් කළ ලලිත් ඇතුළත්මුදලි වැනි රට ගැන හිතා වැඩ කළ නායකයන් රටට අහිමි විමේ ප්‍රතිවිපාක ශ්‍රී ලංකාව අද භුක්ති විදිමින් සිටිනවා. දුප්පත්, පොහොසත් භේදයකින් තොරව දක්ෂතා ඇති රටේ සෑම දරුවකුටම නිදහසේ උසස් අධ්‍යාපනය ලැබීමට අවශ්‍ය ආධාර වැඩ සටහනක් මහපොළ ශිෂ්‍යත්වය නමින් බිහිකළ මේ අති දක්ෂ දේශපානඥයාගේ යුග මෙහෙවර රටට ආදර්ශයක්.”

“එදා මෙදා තුර බිහි වූ රට රටට වැඩ කරන බෙහෝ දෙනෙකුට මහපොළ ශිෂ්‍යත්වය පිටිවහලක් වූ බව බොහෝ දෙනා දන්න කරුණක්. එම මෙහෙවර තව තවත් පෝෂණය කරමින් ඉදිරියට රැගෙන යාමට කෘතහස්ත දේශපාලනඥයකු වූ ලලිත් ඇතුළත්මුදලි මහතාට කරන කළගුණ දැක්වීමක්.”

_DSC0073 7N7A8675