මනෝජ් ඝාතනයේ සැකකරුවෙක් මාට්ටු

0

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් පුෂ්පකුමාර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ (22) දහවල් අදාළ සැකකරු නීතිඥයකු මාර්ගයෙන් හික්කඩුව පොලිසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පසුගිය මාර්තු මස 23 වන දින රාත්‍රී හෝටලයක් තුළදී රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා කිසියම් පිරිසක් විසින් වෙඩි තබා ඝාතනය කර තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර ඝාතනයට සම්බන්ධ තවත් සැකකරුවන් කිහිපදෙනෙකු සහ වෙඩි තැබීම සිදුකළ ගිනි අවිය සොයා ගැනීම සදහා පොලිසිය තවදුරටත් පරික්ෂණ පවත්වනු ලබයි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් මීට පෙර සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

(නිමල් අල්ගෙවත්ත )