දින 100 ගැන ජෝන් කෙරීටත් පුදුමයි

0

හිටපු ඇමරිකානු ජනාධිපති ජෝන් කෙරී පවා දින 100 වැඩසටහන පිලිබද මවිතයට පත්ව සිටින බව කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය,වෛද්‍ය රාජිත සේනාරත්න පවසයි .ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි.

එසේම තොරතුරු දැන ගැනීමේ පනත හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වූ බවත් ඒ අනුව මෙම පනත් කෙටුම්පත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 122 ව්‍යවස්ථාව ප්‍රකාරව හදිසි පනතක් ලෙස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමේ යෝජනාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කොට ඇති බව ඔහු වැඩිදුරටත් අවධාරණය කලා.