පිරිත් ශ්‍රවණයටත් යහපාලනයෙන් කචල්

0

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ අල්ලස් කොමිසමට කැදවීමට විරෝධය පාමින් අද දිනයේදී සිදු කල විරෝධතාවයේදී කිසිදු ආකාරයකින් නිතීය කඩ කිරීමක් සිදු නොවූ බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසයි.අප කල විමසීමකදී ඔහු මේ බව සදහන් කලා.

ගෝඨාබය රාජපක්ෂ අල්ලස් කොමිසමට කැදවීමට එරෙහි වෙමින් අද දිනයේදී විරෝධතාවයක නියැළෙන බව උදය ගම්මන්පිල ඊයේ ප්‍රකාශ කලා.පසුව එම විරෝධතාවය තහනම් කරමින් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය තහනම් නියෝගයක් ගෙන ආවද උදය ගම්මන්පිල ඇතුළු පිරිස අද විරෝධතාවයේ නියැළුනා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කියා සිටියේ ,අධිකරණ අණ නොතකා අල්ලස් කොමිසම ඉදිරිපිට අද (23) විරෝධතා සංවිධානය කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවයි.

මාධ්‍ය ප්‍රකාශකවරයාගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් අප උදය ගම්මන්පිලගෙන් විමසීමක් කල අතර ඔහු පැවසුවේ ,කිසිදු ආකාරයේ නිතීය කඩ වීමක් සිදු නොවුණ බවයි.පෙලපාලි යමින් සඨන් පාඨ කියමින් පිරිස කටයුතු කල බව තමන් පිළිගන්නා බවත් පසුව එතැනට පැමිණ සිටී භික්ෂුන් වහන්සේලා පිරිත් දේශනා කිරීමෙන් පසු තමන් ඇතුළු පිරිසද පිරිත් ශ්‍රවණය කල බවයි ගම්මන්පිල අවධාරණය කලේ.පිරිත් ශ්‍රවණය කිරීම විරෝධතාවයක් සහ අධිකරණයට අගෞරව කිරීමක් ලෙස පෙන්වා දීම යහපාලනය දැයි උදය ගම්මන්පිල ප්‍රශ්න කරනවා.