“මහින්ද අයියේ මම වැරදි කලේ නෑ “

0

බැසිල් රාජපක්ෂ දිවයිනට පැමිණිමෙන් අනතුරුව ඔහු රිමාන්ඩ් කරන බව තමන් දැන සිටී බවත් ඒ බව තමන් බැසිල් රාජපක්ෂට පවා ප්‍රකාශ කල බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.ඔහු මේ බව කියා සිටියේ අද (23) පෙරවරුවේ මාතලේ, පුරිජ්ජල පිහිටි ශ්‍රීධම්ම සිද්ධියාරාම ශ්‍රී සංඝ බෝධි පිරිවෙනේදී පැවති උත්සවයක් සභාවක් අමතමිනි.

යහපාලනයට අනුව සිල් රෙදී බෙදා දීමත් දඩුවම් ලැබිය හැකි වරදක් බවත් ඉදිරියේදී සිල් ගැනීමත් වරදක් විය හැකි බවයි මහින්ද රාජපක්ෂ පෙන්වා දුන්නේ.

එම උත්සව සභාවේදී ජනාධිපතිවරයා කියා සිටියේ ,

“බැසිල් ඊයේ රිමාන්ඩ් කළා. මගේ ලේකම්වරයා, ආරක්ෂක ලේකම් ගෝඨාභය, සමෘද්ධි අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු රජයේ වැදගත් රාජ්‍ය නිලධාරීන් අල්ලස් හෝ දූෂණ කොමිසම වෙත කැඳවා තිබෙනවා. මේක තමයි යහපාලනය. ලංකාවට ආවොත් රිමාන්ඩ් කරාවි කියා බැසිල්ට මම කිව්වා. මහින්ද අයියේ මම වැරැද්දක් කර නැහැ මම ලංකාවට එනවා කියා ඔහු කිව්වා. ඔහුට ඇමෙරිකාවේ සැඟවී ඉන්න තිබුණා. සිල් රෙදි බෙදීමත් දඬුවම් විදිය යුතු වරදක් වෙලා. ඉදිරියේදී සිල් ගැනීමත් වරදක් වේවි.”