මනුෂ්‍යත්වයේ නාමයෙන් 19 ට අත උස්සන්න

0

ප්‍රජාතන්ත්‍රවාදයේ සහ මනුෂ්‍යත්වයේ නාමයෙන් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනීම සදහා අත උස්සන ලෙසට තමන් සියලූම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගෙන් ඉල්ලීමක් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

තමන් ජනාධිපති බවට පත්වූයේ වරප්‍රසාද භුක්ති විදිම ට නොව ජනතාව වෙනුවෙන් සේවය කිරීමට බවත් මාස 03ක ප්‍රජාතන්ත්‍රවාදය අද රටේ ජනතාවට දැනෙන බවද ජනාධිපතිවරයා සදහන් කලා.විහාරමහා දේවි උද්‍යානයේ මේ මොහොතේ පැවැත්වෙන රැස්වීමක් අමතමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.