මළ සමයං ,බෝල සබන්!

0

යම් යම් ප්‍රභුවරුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඒ අයට නැති ලෙඩ හැදෙන බව ආයෝජන ප්‍රවර්ධන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න පවසයි.අද (23) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු මේ බව සදහන් කලා.

අධික දියවැඩියාව, රුධිර පීඩනය, කොලෙස්ටරෝල් යැයි කියමින් ප්‍රබල පුද්ගලයන් මෙලෙස බන්ධනාගාර රෝහල් වෙත ඇතුළත් කිරීම සාමාන්‍ය අයට සිදුකරන අසාධාරණයක් බවද අමාත්‍යරයා සදහන් කලා.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ බන්ධනාගාර රෝහලේ සිට කොළඹ ජාතික රෝහලේ කායික රෝග විශේෂඥවරයෙකු හමුවට ඉදිරිපත් කිරීමට අද පියවර ගත්තා.මේ සම්බන්ධයෙන් අදහස් දක්වමිනුයි අමාත්‍යරයා මේ බව කියා සිටියේ.