මාස 03 ප්‍රාතිහාර්ය

0

තමන් මේ රට භාර ගන්නා විට ජාත්‍යන්තර වශයෙන් මාතෘ භූමිය බෙදී පැවතුණ බවත් අද ජාත්‍යන්තරයේ සහයෝගය අපට නොමදව ලැබෙන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.

තමන් මාස තුනක් වැනි කෙටි කාලයක් තුළදී මේ රටට ලබා දුන් දායාදය ජාත්‍යන්තරයේ සහයෝගය මිත්‍රශිලීත්වය බවද ජනාධිපතිවරයා කියා සිටියා.රටේ නිදහස ගොඩ නැගීම වෙනුවෙන් සියළු දෙනා එකම අරමුණක සිටීම පිළිබද තමන් අතිශයින් සතුටට පත්වන බවද ජනාධිපතිවරයා සදහන් කලා.

දින 100 ඇතුළත කරපු දෙයක් නැති බවට ඇතැමුන් චෝදනා කලද රටේ සියළු දේශපාලන පක්ෂ එකම මතකයට පැමිණ සිටී කාලයක් තවත් නොමැති බවද ජනාධිපතිවරයා අවධාරණය කලා.කොළඹ විහාරමහා දේවි එළිමහන් උද්‍යානයේ අද (23) පැවති උත්සවයකදී ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.