නුග ගහ මාරක ගහක් වෙයි !(Photos)

0

හැටන් කොටගල ඬේටන් වතුයායේ නිවාස දෙකක් මතට විශාල නුග ගසක් කඩාවැටීමෙන් එම නිවාස වල සිටි අට දෙනෙකු අද (25) අළුයම කොටගල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු ඉන් එක් අයෙකුගේ තත්වය බරපතල නිසා ඔහු නාවලපිටිය මූලික රෝහලට මාරුකරයවා තිබෙනවා.

අද අළුයම 2 ට පමණ මෙම නුග ගස කඩාවැටී ඇති අතර මෙම නුග ගස වසර එකසියපනහකට වඩා පැරණි බවයි ප‍්‍රදේශවාසීන් පවසන්නේ. ගස කඩාවැටීමන් එක් නිවසකට සම්පූර්ණයෙන්ම අලාභහානි සිදුවී ඇති අතර සෙසු නිවසට අර්ධහානි සිදුවී තිබෙනවා.

ඊයේ පස්වරුවේ මධ්‍යම කඳුකරයට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව සමඟමයි අද අළුයම මෙම නුග ගස කඩාවැටී ඇත්තේ. සිද්ධිය පිළිබඳව දිඹුල පොලීසිය පරීක්ෂණ පවත්වනවා.

(හැටන් -රංජිත් රාජපක්ෂ )

DSC08580 DSC08582 DSC09970 DSC09971 DSC09973