ආණ්ඩුවේ දඩ බල්ලන් අපිව දඩයම් කරනවා!

0

සිය නොහැකියාව වසා ගැනීම සදහා දඩ බල්ලන් ලෙස හිතුවක්කාරීව තමන්ගේ හිතු මනාපෙට ශක්තිමත් විපක්ෂ දේශපාලන නියෝජිතයින් දඩයම් කිරීමට වත්මන් යහපාලන රජය කටයුතු කරමින් සිටින බව හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.ඔහුගේ මාධ්‍ය සම්බන්ධිකරණ ලේකම් නිපුන් ඒකනානයක මාධ්‍ය වෙත නිකුත් කල නිවේදනයක දැක්වෙන්නේ බොරු චෝදනා කරමින් වත්මන් පාලකයන් මැජික් කාරයින් පිරිසක් බවට පත්ව ඇති බවයි.

එම මාධ්‍ය නිවේදනයේ මෙසේද සදහන්.

හිර ගෙවල් පිරෙව්වත් ආණ්ඩුවේ පරාජය වහන්න බෑ

සිය නොහැකියාව වසා ගැනීමට දඩ බල්ලන් ලෙස හිතුවක්කාරිව තමන්ගේ හිතු මනාපෙට ශක්තිමත් විපක්ෂ දේශපාලනඥයන් දඩයම් කිරීමට මෙම යහ පාලන ආණ්ඩුව කටයුතු කරන බව ජෝන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.දින 100 වැඩ පිළිවෙල සම්පූර්ණයෙන්ම දියාරු වී ඇති අවස්ථාවක එම නිරුවත වසා ගැනීමට ආණ්ඩුවේ ඕනෑ එපාකම් ඉටු කරන නිළධාරින් යොදාගෙන ශක්තිමත් ජන පදනමක් ඇති විපක්ෂ දේශපාලන නියෝජිතයින්ට බොරු චෝදනා කරමින් ඔවුන් බිල්ලට ගැනීම ආරම්භ කර ඇති මේ ආණ්ඩුව හා නිළධාරින් බොරු චෝදනා මවන මැජික්කාරයින් පිරිසක් බවට අද පත්ව ඇති බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි. .

ලංකා සතොස ආයතනයේ මුදල් වංචා කර ඇති බවට කර ඇති චෝදනා තමා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බව ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.ලංකා සතොස ආයතනයේ රුපියල් බිලියන 30 දක්වා වැඩි කිරීමටත් ,ලංකා සතොස ශාඛාවන් 303ක් දක්වා ඉහළට දමමින් ලංකා සතොස ජාලය පුළුල් කිරීමට තම කාලයේදී හැකිවූ බව ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

තවද උත්සව සමයන්හිදී මෙන්ම අත්‍යවශ්‍ය අවස්ථාවලදී හිගයකින් තොරව ලංකා සතොස ආයතනය හරහා සාධාරණ මිලට භාණ්ඩ ලබා දෙමින් ජනතාවට උපරිම සේවයක් කිරීමට හැකිවූ බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

මෙලෙස ලංකා සතොස ඉහළ තලයකට ගෙන ආ තමාට එම ආයතනයෙන් මුදල් වංචා කිරීමට කිසිදු ආකාරයක අවශ්‍යතාවයක් නැති බව අවධාරණය කරන බවත් ජොන්ස්ටන් ප්‍රනාන්දු වැඩිදුරටත් පවසයි.

නිපුන් ඒකනායක

සම්බන්ධිකරණ ලේකම්