තිරෝද රථය ප්‍රපාතයේ -රියදුරු එතනමයි ! (Photos)

0

හැටන් දිඹුල පොලිස් වසමට අයත් බෝගහවත්ත සිට මවුන්ටන් වතුයාය දක්වා ධාවනයවූ ත‍්‍රීරෝද රථයක් නාවලපිටිය තලවාකැලේ ප‍්‍රධාන මාර්ගයේ දිඹුල වත්ත ප‍්‍රදේශයේ ප‍්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන ඇල මාර්යකට පෙරලීමෙන් ත‍්‍රීරෝද රථයේ රියදුරා එම ස්ථානයේම මියගොස් තවත් තිදෙනෙක් තුවාල ලබා කොටගල ප‍්‍රාදේශීය රෝහලට ඇතුලත් කර තිබෙනවා.

අද (25) පස්වරු 5 ට පමණ මෙම අනතුර සිදුවී ඇති අතර අධික වේගයෙන් ධාවනයවී ඇති ත‍්‍රීරෝද රථයේ වේගය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුවී ඇති බවයි අනතුර පිළිබඳව පරීක්ෂණ පවත්වන දිඹුල පොලීසිය පවසන්නේ.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ සිවමායම්විමලන් (අවු.28) නැමැති එක්දරු පියෙකි.

(හැටන් -රංජිත් රාජපක්ෂ )

DSC08364 DSC08383 DSC08385