19ට අත දෙන්න

0

විධායක බලය අහෝසි කරන්නට සැබෑ උවමනිවකින් 19 වැනි සංශෝධනය ඉදිරිපත් කළේ වත්මන් ජනාධිපතිවරයා පමණක්ම බැවින් පනත සම්මත කිරීමට සහයෝගය ලබා දෙන මෙන් තමා පාර්ලිමේන්තුවේ සියළුම මහජන නියෝජිතවරුන්ගෙන් ඉල්ලා සිටින බව ජනමාධ්‍ය අමාත්‍ය හා ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක අවධාරණය කරයි.

ඊයේ (2​4)​ පෙරවරුවේ ඇල්පිටිය, පිටිගල, අතුකෝරළ ශාලාවේ පැවැති ​​කුඩා රබර් ඉඩම් හිමියන්ට රුපියල් 350 ක සහතික මිල ගෙවීමේ ගාලූ දිස්ත‍්‍රික් සමාරම්භක උත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා සදහන් කළේ ජනතාව අපේක්ෂා කරන පරිදි ස්වාධීන කොමිෂන් සභා පිහිටුවිය හැකි 19 වැනි සංශෝධනයට කැමැත්ත පළ නොකරන මහජන නියෝජිතයින්ට ඊළග මහමැතිවරණයේ දී ජනතාව හොඳම පිළිතුර ලබා දෙනු ඇතැයි තමා විහ්වාස කරන බවයි.

“ජනාධිපති ධූරයේ විධායක බලතල අහෝසි කළ යුතු බවට පසුගිය තිස් වසරක් පුරා සියළු දේශපාලන පක්ෂ ජනතාවට ප‍්‍රකාශ කළා. අසීමිත බලතල අහෝසි කරන්නට ජනවරමක් ඉල්ලා සිටි හිටපු දේශපාලනඥයින් ඒ ජනවරම ලැබුණු පසු විධායක බලය තව තවත් වැඩි කර ගන්නට පනත් ඉදිරිපත් කළා මිස ඔවුන් තම බලය අහෝසි කරගන්නට මැළි වුණා.”