ටිකක් කැමතියි…..ටිකක් අකමැතියි…

0

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ සමඟ එකට වැඩකිරීමට තමාගේ කිසිම අකමැත්තක් නැති නිසා එළැබෙන මැයි දිනය එකට සැමරීමට ආරාධනා පත්‍රය පක්ෂයේ ලේකම්වරයාට තම අතින්ම බාර දුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැවසීය.

ඔහු ඒබව පැවසුවේ ගාල්ල දිස්ත්‍රික් නියෝජිත සම්මේලනය අමතමිනි. වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා කුමාර වෙල්ගම හා ටී බී ඒකනායක මන්ත්‍රීවරුන්ද රටේ පිළිගත් වැදගත් භික්ෂූන් වහන්සේලාද පැමිණ තමා හමුවී සාකච්ඡා කළ අතර හිටපු ජනපති මහින්ද රාජපක්ෂ හමුවී සාකච්ඡා කිරීමට දිනයක් ලබාදීමට තමන් කැමතිවූ බවත් සඳහන් කළ අතර තමන්ගේ ස්ථාවරය අසා භික්ෂූන් වහනසේලා පුදුම වී ප්‍රශංසා කළ බවත් අනාවරණය කළ අතර ශ්‍රී ලංකා නිදහස් නිදහස් පක්ෂයේ සභාපතිවරයා වශයෙන් පක්ෂය එකතුකිරීමට මෙයිට වඩා ක්‍රමයක් තමන් නොදන්නා බවත් පැවසිය.

මෙතෙක් වෙනත් පක්ෂ විසින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට එජනිසයේ අගමැති අපේක්ෂකත්වය ඉල්ලා සිදුකළ විරෝධතා ජනරැළි නව මාවතකට අවතීර්ණ කරමින් මැයි මස 08 වැනිදා ඇතුගල්පුරදී පැවැත්වීමට නියමිත ජනරැළියට හිටපු ජනපතිවරයා ගොඩවන බව යාපහුවේ පැවැති ජනහමුවක් අමතමින් මන්ත්‍රී ටී බී ඒකනායක මහතා ඊයේ (25) පැවසීය.