නේපාලය යලි සෙලවේ -මියගිය ගණන 2263ක්!

0

නේපාලයේ කත්මණ්ඩු නුවර සිට කිලෝමීටර 80ක් පමණ නැගෙනහිර දෙසින් රික්ටර් මාපකයේ ඒකක 6.7ක් පමණ තවත් ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබේ. කොඩාරි ප්‍රදේශයේ මෙම භූ කම්පනයේ කේන්ද්‍රය පිහිටා තිබෙන අතර ඉන්දියාවේ නව දිල්ලි නුවර සහ තවත් ප්‍රදේශ කිහිපයකට ද එහි බළපැම දැනී ඇත.

පසුගිය සෙනසුරාදා කත්මණ්ඩු නුවරට කිලෝමීටර් 50ක් උතුරු දෙසින් රික්ටර් මාපක ඒකක 9.3 භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 2263 දක්වා ඉහළ ගොස් ඇති බවත් තවත් 4647 තුවාළ ලබා ඇති බවත් නේපාල ස්වදේශ කටයුතු මාධ්‍ය ප්‍රකාශක ලක්ෂ්මි ප්‍රසාද් පැවසිය.
එවරස්ට් කඳුවැටිය තරණය කල පිරිසෙන් අවම වශයෙන් 17ක සංඛ්‍යාවක් මියයන්නට ඇති බව වාර්තා වේ.

දකුණු ආසියාවේ අනෙක් රටවලට සාපේක්ෂව නේපාලය ස්වභාවික අනතුරුවලට වැඩිවශයෙන් මුහුණ දෙන රටකි. එමෙන්ම කත්මණ්ඩු නුවර ඇතුළුව ජනාකීර්ණ ප්‍රදේශවල ජනගහනය මිලියන 3 ඉක්මවා ඇත.කෙයාර් ඉන්ටර්නැෂනල් අධ්‍යක්ෂක ප්‍රකාශ කරන ආකාරයට නගරය හා සමානව ගමබද ප්‍රදේශ වලටද භූ කම්පාව බලපා ඇති අතර ගම්බද නිවෙස් වලින් 80% පමණ විනාශ වී ඇත.