වෙසක් කූඩුවක් ගන්නට මල්ලක් අරගෙන කඬේට ගියෙමු

0

වෙනස්වන ලෝකයේ වෙසක් කූඩු ද අප මිල දී ගන්නට යන්නේ වෙළෙඳ පොළටයි.ඒ තරමටම ජනතාව අද වැඩ වැඩි කරගෙනය.ඇත්තටම වැඩි වැඩ නිසා නොව වැඩ නිසිපරිදි සිදු නොකරන නිසා ඇතිවන වැඩ වැඩිකම නිසා යැයි, මෙයට කියති.

අප කුඩා කාලයේ උණ ගස්, බට ගස් කපා ගෙනැවිත් වල් බෙලි පට්ටා වලින් බැඳ බීරළු කපා අලවා වෙසක් පහන් තනා, අද මෙන් විදිලි එළියෙන් නොව, ඉටි පහන් වලින් ඒවා ප්‍රභාවත් කොට ඒ දෙස බලා නිරාමිස සතුටක් විඳි පරම්පරාවකටය. වෙසක් පහන් තැනීමට අමතරව කොම්බුව නොගහන සේ සමතුලිත කර සරුංගල් සෑදීමද, වෙලේ බැස තුන් ඉරියා පන් කපාගෙන විත් වේලා, තුනට ඉරා කුඩා සෙල්ලම් පැදුරු විවීමද, මෝවිට තියා පොල් අතු වියා සෙල්ලම් ගෙවල් සෑදීමද, දංගෙඩි යොදා බට තුවක්කු වලින් තලගොයින්ට, කබරගොයින්ට විදීමද (උන්ට එය දැනුනා කියා වත් නොසිතමි.) ලේඛකයාගේ සුපසන් ළමා කාලයේ කොටසක්ව තිබුණේය. කාලයටත් වඩා එහිදී වැදගත් වන්නට ඇත්තේ ඔහුගේ ගැමි පසුබිමය. නමුත්, අද මේ සියල්ලම වාගේ අපට මිල දි ගත හකිය සෙල්ලම් තුවක්කු මෙන්ම සරුගල්ද,වෙසක් කූඩුද, අප මිල දි ගන්නට යන්නේ වෙළෙඳ පොළටයි.අද අප නාගරික,ගැමි පරිසරයක දිවි ගෙවන වැඩි හිටියන්නට,ළමයින්ට මේ කිසිවක් දැනිමක් නැති තරම්ය. ඔවුනට පන් පැදුරක් තියා, කොළ අතරින් අහස නොපෙනෙන සේ පොල් අත්තක් වියා ගැනීමට වත් හැකියාවක් ඇත්ද යන්න සැක සහිතය. කොම්බුවා සරුංගලයක් සමතුලිත වන්නට සේරුව දාන්නට තියා අටපට්ටමක රැල් නොතියා සව් කොළ අලවන්නට වත් ඔවුන් ඇද්ද යන්න සැකකයෙකි.නමුත් වෙසක් කූඩුවක් සකස් කරන විට අම්මා තාත්තා දුදරුවෝද ආච්චී සියාද, අසල පහළ දු දරුවෝද එක්ව සකස් කරන වෙසක් කූඩු සමහර වෙසක් කාල වල දි ගෙදරින් එළියට ගන්නට නොහැකිය.ඒ කවුරුත් සතුටින් සකස් කළ මහ කූඩුව ගන්නට නොහැකිය. ඒ දොරට වඩා එය විශාල විමයි. මේ නිසා මහ කූඩුව නැවත එළියේ සකස් කරන්ට අප පියවර ගත් ආකාරයක්ද අපට මතකය

ආමිස පූජාවන්ට වඩා ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙන උළෙලක්ව තිබුණේය. අප කුඩා කළ සකස් කළ, ලොකුම සැරසිල්ල වූයේ පුහුල් පහන්ය. පුහුල් ගෙඩියේ මැද හාරා වේළා ඊට පොල්තෙල් පුරවා දැල්වූ කල්හි රාත්‍රිය මුළුල්ලේ දැල්වෙන පහනක් ලැබුනේය. මේ නිසා බට කැපීම සව් කොළ ඇළවීම මඟ හැරුනේ වත්මන් බාල පරම්පරාවට පමණක් නොවේ. අපේ මී මුත්තෝද ඒ තෘප්තිය නොලද්දෝය.

පසු කාලයක අප වෙසක් කූඩු හැදීම කොපි කරන්නට ඇත්තේ වෙන රටවලින් වන්නට පිළිවන. මේවායේ කිසිම ලාංකික අනන්‍යතාවයක් නැත. අටපට්ටම් හා නෙළුම් මල් ඉන්දියාවේ දිවාලි උළෙලේද භාවිතා වේ. තාරකා පහන් කූඩු භාවිතා වන්නේ නත්තලේදීය. මේවාද නත්තල් කැරොල් වලින් වෙසක් භක්තිගීත බිහිවූවාක් සේ එක ආගමකින් තව එකකට ආගමනය වූ සංස්කෘතික ලක්ෂණ විය හැකිය.

මේ නිසා පෙර නිමි වෙසක් කූඩු වෙළඳපළට පැමිණීම ගැන අප සොයා බලන්නට ගියෙමු. මෙය පිරිසගේ රස්සාවක් වී තිබේ.අට පට්ටම් කූඩු සකස් කරන පිරිස වැඩිය එය පහසුය.තරුව නෙලූම් මළ, මහ කුඪුව හා පැටවුන් සහිත කූඩු නිපද වීම අසිරිය එය මිල කල ද නොහැකිය අප කුඩා කාලයෙ කූඩු හත අටක් සකස් කළද,දැන් ගෙදරට කඩෙන් ගෙනියන්නේ, එක් කුඩුවකි.එහි මිල ගනන්ද අඩුය. කජු ලාටු වෙනුවට අද පාම් පිටි පාප්ප,මෙන්ම ගම් බොතල්,කඩවල විකිණීමට තිබේ. බට සොයන්නට අද කැලැ නැත තිබුනද බට සොයන්නට නොහැකිය. ඒ සදහා උන බට සකස් කරන්නේ බට වල හිගයට පිලියම් වශයෙනි. මේ දෙකම නැති උව හොත්,පොල් පිති පිඩංගයෝ ගත හැකිය. නමුත්, මේ සියල්ලටම වඩා අද අපි වෙසක් කූඩු වලට භාවිතා කරන්නේ බීම බටයි. ඒ සඳහා අවශ්‍ය වන්නේ පොල් ලේ පහනක් හෝ ඉටි පහනක් පමණි. අට පට්ටම් කූඩු සකස් කළ හැකිය. එය පහසුය.කොල අලවන ලද කූඩු, කොල නැති කූඩු, ආදි වශයෙන් මිල දි ගත හැකිය. එවිට මිල වෙනස් වේ.
අප කළ සංචාරයක දී දැක ගත හැකි වුයේ වෙළෙඳ පොලේ,විවිධ වර්ගයේ වෙසක් කූඩු තිබීමයි.

ඉටිකොළ වලින් සකස් කළ වර්ණවත් වු කූඩුවක් රුපියල් දෙසියකි. වාහනවල ඉදරියේ රියදුරු අසුනේ, ඉදිරිපිට එල්ලා සවිකළ හැකි කුඩා අඟල් හතරකින් යුත් කූඩුවක් රුපියල් සියයකි.වෙසක් කොල සව් කොල හා වර්ණවත් වු කඩදහි වලින් සකස් කළ කූඩු රුපියල් 80 සිට, රුපියල් දෙසිය දක්වා තිබේ.මෙයට අමතරව, විවිධ මිල ගණන් වු ලොකු කුඩා වෙසක් කූඩු දැකිය හැකිය.බට ලීයෙන් සකස් කළ වෙසක් කොල ඇල වු කුඩුුවක් රුපියල් 150 සිට දෙසිය දෙසිය පනහ දක්වා මිල නියම වී තිබේ. කොළ අලවන්නේ නැතිව සකස් කළ වෙසක් බට කූඩුවක්, රුපියල්, සියක් හෝ රුපියල් 80ක් වේ. වෙළෙඳ සැල්වල විකිණිමට ඇති සියලූම වෙසක් සැරසිලි වල සුවිශේෂත්වය වන්නේ විදේශයෙන් ගෙන් විමයි.නැතහොත් දේශියව සකස් කිරිමයි.මෙහි අපේ ආගමික පරිසරය හෝ අපේ ආගමික චින්තනය නැති වි ගොස් ඇති බව, පෙනේ.

මෙයට අමතරව පැරණි කාලයේ පොල් තෙල් පහනට හෝ ඉටි පන්දමට සකස් කළ වෙසක් කූඩු හා වෙසක් සැරසිලි සියල්ලම අද විදිලි ලාම්පු සවි කළ හැකි ආකාරයට සකස් කළ තිබිමද විශේෂත්වයකි.
අවම වශයෙන් රුපියල් පනහේ සිටි රුපියල් දහස දක්වා විවිධ මිල ගණන් යටතේ වෙසක් කූඩුු හා වෙසක් සැරසිලි මිල දි ගත හැකිය. බුදු පිලිම ද ඒ ආකාරයෙන් මිල දි ගත හැකිය.රාත්‍රීයේ දි නෙත පැහැර ගන්නට හැකි ආකාරයේ විවිධ වු විදුලි සැරසිලි යොදා ජනතාව රවටන්නට මේ ආකාරයෙන් වෙසක් සමයේ වෙසක් භාණ්ඩ විකුණන ආයතන සකස් කර තිබේ.

අද අපේ කාලේ වෙසක් කූඩු කඩෙන්ය. බල්බ් වැල්, රැස් මාලා කඩෙන්ය. ගෙදරදී අලවන්නට හැකි කූඩුද, නැති නම් අලවා අවසන් කළ කූඩුද කඬේ තිබෙන්නේය. බෞද්ධ කොඩිද කඩෙන් ගත හැකිය. ඒ සියල්ල මැද නිවසේ තැනෙන කූඩුද ඇත්තේය. වෙසක් ලං වෙද්දී අපේ සිත් තුල කැරකෙන්නේ අමුතු ප්‍රබෝධයක්ය. ගියපාර අපේ ගෙදර හැදුවේ අටපට්ටම් කූඩු සැට් එකක්ය. මේ පාර ඊටත් වඩා දෙයක් කළ යුතුය යන්න හිතේ කැකෙන්නේය. ගෙදර අයගෙන් අහන්නේ මේ පාර වෙසක් එකට මොකද කරන්නේ කියාය. අප කුඩා කලේ නම් කරන්නේ කාඞ්බෝඞ් බුදුරැස් මාලාවක් රැගෙන පුංචි මෝටරයකට අටවා කැරකැවීමය. කුඩා තොරනක් වෙසක් කාඞ්වලින් සකස් කරන්නට අපි දින ගනනාවක් ගන කළ අතීතය සුන්දරය

කෙසේ වෙතත්, සමහර අවස්ථාවල දැකිය හැක්කේ, යම් යම් සුළු වෙනස්කම් හැරෙන්නට අප වෙසක් සමරණ අයුරු වෙනස් වී නැත. කෙතරම් විදුලි බුබුළු දැල් වූවත් බොහේ නිවසියන් තවමත් පොල් තෙල් පහන් දල් වුනුයේ මහත් උනන්දුවෙනි. ඉතා සරල අට පට්ටං වෙසක් කූඩු කෙතරම් බැලූවත් එපා වන්නේ නැත. තොරන විදුලි බුබුළු සහ චිත්‍ර නිර්මාණකරණය ද විශාල වශයෙන් වෙනස් වී නොමැත. බොහෝ දන් සැල් තවමත් පෙර තිබූ පරිදිමය.

නමුත්, සමහර ඇත්තෝ අප කුඩා කාලයේ නිවසේ සියලූම දෙනා එක්ව සකස් කළ වෙසක් කූඩු අපි කඩෙන් ගෙන්නට තරම් ළදරුවෝ වෙමු. තවත් වෙසක් සමයක්් තුළ මේ ආකාරයේ වෙළෙඳ සැලට නොගොස් අපේම කියා අපේම දරුවන් සමඟ වැඩිහිටින් එක්ව ගෙදර මිදුලේ හෝ නිවස අසළ ගසක් යට එක්ව සිට වෙසක් කුඩුවක් හෝ කිහිපයක් සකස් කරන්නට මේ වෙසක් සමයේ හෝ හිතා ගන්නේ නම් අගනේය.එවිට අපට කියන්නට හැකි වන්නේ, බුදු හාමුදුරුවනේ අප ඇත්තටම අසරණ වී නොමැති බවයි.

සටහන හා ඡායාරූප හබරාදුව නිමල් අල්ගෙවත්ත