මෛත්‍රි ,රනිල් ජන්මේ බේර ගත්තා

0

විධායක ජනාධිපති ධුරය ඇති කිරීමෙන් රටට යම් අගතියක් සිදු වූයේ නම් එය ඉවත් කිරීමට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවකටම හැකි වූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දීම නොව එය අහෝසි කිරීමට මෙතෙක් කලක් ගතවීම ගැටලු සහගත බවයි.
එක්සත් ජාතික පක්ෂයේ ම ඇතැම් පිරිසක් ද මීට එරෙහි වුණා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පෙරමුණු සන්ධානවලින් බලයට පත් සියලු දෙනා විධායක බලතල ඉවත් කරන බවට පොරොන්දු වුණා.

එහෙත් ඒවා පොරොන්දුවලට පමණක් සීමා වූ බවයි අමාත්‍යවරයා පෙන්වා දුන්නේ.එහෙත් මෛත්‍රී – රනිල් යහපාලන ආණ්ඩුව ලබා දුන් පොරොන්දු ඒ අයුරින් ම ඉටු කරමින් විධායක බලතල ඉවත් කිරීමට කටයුතු කළ බවයි උතුරු කොළඹ ජනතාව සමග පැවැති හමුවක දී අමාත්‍යවරයා කියා සිටියේ.