දිල්රුක්ෂි ඩයස් මගේ ඩීල් එකක් !

0

අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරිය වන දිල්රුක්ෂි වික්‍රමසිංහ ඩයස් එම තනතුරට පත් කල යුතු බවට යෝජනාව ඉදිරිපත් කලේ තමන් බව නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේරසිංහ පවසයි.ඊයේ (28) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍යරයා මේ බව කියා සිටියා.

දිල්රුක්ෂි ඩයස් බොහෝම පැහැදිලිව කටයුතු කරන අයෙකු බවත් ඇයව එදා එම තනතුරට පත් කිරීමට කිසිවෙකුත් විරුද්ධ නොවූ බවද අමාත්‍යරයා සදහන් කලා.

රනිල් වික්‍රමසිංහ හොරු අල්ලන්නේ නැති බවට ඇතැමුන් චෝදනා කරන බවත් අද ඔහු හොරු අල්ලන විට ඒ පිළිබද කිසිවෙකුත් කතා නොකරන බවයි අමාත්‍යරයා පෙන්වා දුන්නේ.