මහින්දට තවත් අවස්ථාවක් !

0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රිපාල සිරිසේන අතර සාකච්ඡාවක් පැවැත්වීමට පසුගිය සතියේ නියමිතව තිබුණත් එය එසේ සිදු කිරීමට හැකියාවක් ලැබුණේ නෑ.ඒ මහින්ද රාජපක්ෂට එදින එම අවස්ථාවට සහභාගි වීමට නොහැකි වීමයි.ඔහු ඒ බව දැනුම්දී තිබුණා.

විශේෂයෙන්ම ශ්‍රි ලංකා නිදහස් පක්ෂය ඉදිරි මැතිවරණය තුළදී ජයග්‍රහණය කරවීමට නම් නියත වශයෙන්ම මහින්ද ,චන්ද්‍රිකා බණ්ඩාරණායක සහ මෛත්‍රිපාල සිරිසේන එකට එක්විය යුතු බවටයි බොහෝ දෙනෙකුගේ අදහසවී ඇත්තේ.ඒ කාරණාවට ඇහුන්කන් දීමටමයි මෛත්‍රිපාල මහින්ද රාජපක්ෂ සමග සාකච්ඡාවකට එකගවී ඇත්තේ.

එහී මූලික පියවර ලෙස පසුගිය දිනවලදී ශ්‍රිලනිප ප්‍රධාන මැයි දින රැලියට සහභාගි වන ලෙසට මහින්ද රාජපක්ෂට ආරාධනා පත්‍රයක්ද ලබා දීම සිදු වූවා.නමුත් ඔහු ඒ සදහා සහභාගි නොවීමට තීරණය කර ඇති බවයි දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පෙන්වා දෙන්නේ.

කෙසේ නමුත් දැන් දැන් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණයට මහින්ද රාජපක්ෂගේ සහයෝගය අතිශයින් වැදගත් වන නිසාම ලබන සතියේ මහින්ද රාජපක්ෂ හමුවීම සදහා මෛත්‍රිපාල සුදානමින් සිටින බව සදහන් වෙනවා.