සූදූ පොළක් වටලයි -දකුණේ මන්ත්‍රි කෙනෙකුත් මාට්ටු

0

ගාල්ල දිස්ත්‍රීක්කයේ විශාලතම බුරුවා පිටිය ගාල්ල උනවටුන, දළවැල්ල ප්‍රදේශයේ දී ඊයේ (29) දින සැන්දෑවේ ගාල්ල පොලිසියේ නිලධාරිහු විසින් වටලා තිබේ.

කාලයක සිට පවත්වාගෙන ගිය මෙම සුදු පොලේ සිටි ව්‍ය්‍යාපාරිකයන් පිරිසක් හා දකුණු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරයෙක් ඇතුලූව, 14 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.සුදු පොලේ තිබී අත්අඩංගුවට ගෙන ඇති මුදල් ප්‍රමාණය රුපියල්, විසි අට ලක්ෂ පමණ වේ.

මෙම සුදු පොල පවත්වාගෙන ගොස් ඇත්තේ ගාල්ල උනවටුන ප්‍රදේශයේ ජනප්‍රිය හෝටලයක හිමිකරුවකුගේ පුත්‍රයකු සතු සුපිරි තෙමහල් නිවසකය.

ගාල්ල , බටපොළ,තිස්සමහාරාමය, වැලිගම, යන ප්‍රදේශවල පුද්ගලයන් 14 දෙනෙක් මෙහිදී අත්අඩංගුවට ගෙන තිබේ.මෙම සුදු පොලේ සුදු කෙලින්නට පැමිණි බුරුවා කාරයන් පැමිණ ඇත්තේ අති නවිනතම වාහන කිහිපයකිනි . එවැනි නවිනතම වාහන පහක්ද මෙම සුදු පොලේහි තිබී සොයාගෙන තිබේ.මැණික් ව්‍යාපාරිකයන්,කුරුදු ව්‍යාපාරකියන්,සංචාරක ව්‍යාපාරකයන්ද හොටෙල් හිමියන් හා වෙනත් සුපිරි ගණනයේ ව්‍යාපාරිකයන් රැසක්ද මේ ආකාරයෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

ගාල්ල ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරි ඞී සාලියද සිල්වාගේ උපදෙස් මත,පො. ප,ධම්මික, පො.ප විජේසිංහ, උ.පො.ප, ලේකම්වසම්,පො.සැ,58971 බණ්ඩාරිගොඩ,පො.සැ,19859 ඈපා, පො.කො,58920හේමන්ත, පො.කො, 73009 රෝහණ,පො.කො. 6387 සරත්,පො.කො,71557 ප්‍රසන්න යන නිලධාරිහු මෙම ගාල්ල උනවටුන,දලවැල්ල සුදු පොළ වැටැලීම සඳහා එක්වුහ.සැකකරුවෝ අද (30) දින, ගාල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.