මහින්ද වැට උඩ !

0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට හෙට (01) පැවැත්වෙන මැයි දින රැලි සදහා සහභාගි වීමට ආරාධනා කිහිපයක්ම ලැබී ඇතත් තවමත් ඔහු ඉන් කුමන මැයි රැලියට සහභාගි වනවාදැයි නිශ්චිතව තීරණය කර නෑ.

මේ සම්බන්ධයෙන් ඊයේ මහින්ද රාජපක්ෂගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කල අතර එහිදී අදහස් දක්වමින්ද මහින්ද රාජපක්ෂ කියා සිටියේ තමන් සහභාගි වන මැයි රැලිය සම්බන්ධයෙන් තවම තීරණයක් ගෙන නොමැති බවයි.

මේ අතර ඊයේ (29) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය සභාපති ,හිටපු අමාත්‍ය පියසිරි විජේනායක ප්‍රකාශ කලේ ,මැයි 01 පැවැත්වෙන මැයි දින රැලියේ ප්‍රධාන ආරාධිතයා මහින්ද රාජපක්ෂ බවයි.නමුත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයත් ප්‍රධාන මැයි රැලිය සදහා මහින්ද රාජපක්ෂගේ පැමිණීම බලාපොරොත්තුවෙන් සිටින බවයි වාර්තා වන්නේ.