චන්ද්‍රිකා ඉත්තා වෙයි -යහපාලනයට අභියෝගයක් ! (Video)

0

හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාරණායකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ සහ වාසුදේව නානායක්කාරයි මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත්තේ.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ඇතුළු පාර්ශවකරුවන් ජෝන් කීල්ස් සමාගමට කොළඹ වරායේ අක්කර 10 ක බිමක් නැව්වලට තෙල් සැපයීමේ කටයුතු සඳහා පෞද්ගලික අංශයට පැවරූ ආකාරය වැරදි බව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දු කළත් වසර ගණනාවක් යනතුරු නීතිපති රහස් පොලිසිය හා අල්ලස් කොමසාරිස් ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවටයි ඔවුන් අල්ලස් කොමිසමට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් සදහන් කර ඇත්තේ.

මේ සම්බන්ධයෙන් මාධ්‍යට අදහස් දක්වමින් විමල් වීරවංශ කියා සිටියේ වත්මන් ආණ්ඩුව හොරු අල්ලන බවට ප්‍රකාශ කලද ඔවුන් ශ්‍රේෂ්ඨාධිකරණය සහ අල්ලස් කොමිසම පවා මග ඇර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් කල පැමිණිල්ල හැකි නම් විමර්ෂනය කර පෙන්වන ලෙසට ඊනියා යහපාලන ආණ්ඩුවට අභියෝග කරන බවද මන්ත්‍රිවරයා  කියා සිටියා.

එසේම මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වාසුදේව නානායක්කාරද සදහන් කලේ ,හිටපු ජනාධිපතිනිය ඇතුළු පාර්ශවකරුවන් වසර හතකට පෙර ජෝන් කීල්ස් සමාගමට කොළඹ වරායේ අක්කර 10ක් නැව්වලට තෙල් සැපයීම සඳහා පුද්ගලික අංශයට පැවරූ ආකාරය නීති විරෝධි යයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළත් හත් වසරක් යනතුරු ඒ සම්බන්ධයෙන් කිසිත් ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.