පත අට එකට හින්දල හදපු මේ දීගෙත් අවුල් !

0

මේ ආණ්ඩුවේ දවසේ මාතෘකාව ප්‍රජාතන්ත්‍රවාදය බවත් යහපාලනය මහ ඉහලින් ඒ ගැන කතා කරත් පත අට එකට හින්දල හදපු මේ හවුල් දීගෙත් ඒ වචන ටිකට මුවා වෙලා සුපුරුදු ගමන යන්න හදන බව අන්තර් විශ්ව විද්‍යාල බල මණ්ඩලයේ කැදවුම්කරු නජිත් ඉන්දික පවසනවා. අද (30) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ නජිත් ඉන්දික,

මොවුන් කරන්නේ අධ්‍යාපනය කප්පාදු කරන එක.අපි විසදුම් හොයන්න සාකච්ඡා ඉල්ලුවම ඒවා දෙන්නේ නෑ. ඒවට උත්තර දෙන්නෑ. පාරට බැස්සාම ඔලුව පැලෙන්න ගහනවා. මේක තමයි ප්‍රතිපත්තිය. මේක තමයි කරන වැඩේ. මේ ආණ්ඩුව පත් වෙලා මාස 03යි. අධ්‍යාපන ගැටලු සම්බන්ධයෙන් ලිපි ගනණාවක් යවල තියනවා, ඒත් වග කිව යුතු එකම නිලධාරියෙක්වත් ඒකට උත්තර දෙන්න නිහතමානී නැහැ.

හැබැයි හෙට අනිද්ද්ට කියයි සාකච්ඡා ඉල්ලුවෙ නෑ,, එන්නෙ නෑ කියලා.ඒවා බොරු.මේක තේරුම් ගන්න කොහෙටද මොවුන් හැරෙන්නෙ කියලා .තවත් මාධ්‍යවේදීන්ගේ පිටවල් කපනකම් ඉන්න ඕන නැහැ.කම්කරුවන්ට ගොවියන්ට ධීවරයන්ට ගහනකම් වෙඩි තියනකම් ඉන්න ඕන නෑ .අපි අරගල කරන්නේ නිකන් නෙමේ. ප්‍රශ්න ගණනාවකට.ඒවට උත්තර නැති නිසයි පාරට බහින්නේ .

ඒ පාරට බැස්සම ගහන්න ආණ්ඩුවක් ඕන නෑ. ප්‍රශ්න විසදන්නයි ආණ්ඩු ඕන. මේ වන කොටත් රාජපක්ෂ ආණ්ඩු කාලේ වගේ ශිෂ්‍යන්ගේ ගෙවල්වලට ලිපි යවමින් මවු පියන්ට තර්ජනය කරනවා. අද අධ්‍යාපනේට පහසුකම් ඉල්ලුවම ලැබෙන්නේ කදුලු ගෑසුයි, බැටන් ප්‍රහාරයි, හිරකූඩුවේ කූරු ගනින්නයි විතරයි.මේ ආණ්ඩුව අධ්‍යාපනය විකුනමින් තමයි මේ යන්නේ.