“පෞද්ගලිකකරණය ” තහනම් වචනයක් කරනවා

0

පෞද්ගලික කරණය කියන වචනය සම්පූර්ණයෙන්ම තහනම් වචනය බවට පත් කරලා රාජ්‍ය අංශය ශක්තිමත් කිරීමට වත්මන් රජය කටයුතු කරන බව මුදල් අමාත්‍ය රවී කරුණානායක පවසයි.

වසර 7කට අධික කාලයක් සේවය කළ ජාතික ඉතිරි කිරීමේ බැංකු සේවකයකන් පිරිසකට ස්ථිර පත්වීම් ලිපි ප‍්‍රදානය වෙනුවෙන් රාජගිරිය මහබැංකු පුහුණු ආයතනයේ පැවති උත්සවයට සහභාගි වෙමින් අමාත්‍යරයා මේ බව සදහන් කලා.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රවී කරුණානායක ,

මෛතී‍්‍ර රනිල් ආණ්ඩුව පත් කරගත්තේ ජනතාව විශාල බලාපොරොත්තුවක් ඇතුව. ජනවාරි 8 වෙනිදා ජනතාවට තිබුණේ එක පවුලක් රජ කරනවා ද නැත්තම් ලක්‍ෂ 210 වන තමන් රජ වෙනව ද කියන තීරණය ගන්න. එදා ජනතාව තීරණය කළා අපි පවුලක් රජ කරවන්නේ නෑ අපි රජ වෙනවයි කියලා.

ඒ අනුව ජනතාව රජකරවීමේ වගකීම ආණ්ඩුවක් ලෙස අපි බාරගත්තා. ඒ ප‍්‍රතිඵල අද ජනතාවට ලැබමින් තියෙනවා. ඔබ අද ලබන පත්වීම් ලිපිත් එහි ප‍්‍රතිඵලයක්.

පෞද්ගලික කරණය කියන වචනය සම්පූර්ණයෙන්ම තහනම් වචනය බවට පත් කරලා රාජ්‍ය අංශය ශක්තිමත් කිරීමට අපි කටයුතු කරනවා.රාජ්‍ය අංශයේ පරිපාලනයත් පෞද්ගලික අංශයේ තරමටම කාර්යක්ෂම කිරීම තමයි අපේ අරමුණ.

එදා අපිට පත්වීම් ලිපි දෙන වේලාවේ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන කිව්වේ මේ පත්වීම් දෙන්නේ ජනතාවගේ සුබ සිද්දියට මිස ඇමතිවරුන්ගේ සුබ සිද්දියට නෙවෙයි කියලයි.
ඒ වචනය ඒ ආකාරයට ම පිළිපදිමින් අපි කටයුතු කරමින් ඉන්නවා. බලන්න රාජ්‍ය ආයතනයකට ගිහින්. ඒවායේ ස්වරූපය පවා අද වෙනස්වීමකට ලක්වෙලා.

විශ්ව විද්‍යාලය ශිෂ්‍යන්ගේ ඉදලා සියලූ ක්ෂේත‍්‍රවල පිරිවල මානසිකත්වය වෙනස්වෙලා.ඔවුන් අද රට වෙනුවෙන් වැඩ කරන්න සූදානම්.මේක තමයි මෛතී‍්‍ර රනිල් යහපාලන ආණ්ඩුවේ වැදගත්ම දේ.

අපි බලයට ආවොත් රස්සා නැති වෙනවා, ඉන්ධන මිල අඩු කරන්න බෑ කියපුවා, බඩුමිල අඩු කරන්න බෑ කියපුවා සියල්ල මේ වන බොරු වෙලා තියෙනවා. ගොවියා ශක්තිමත් වෙලා තියෙනවා.