හෙට කොළඹ නොයන් !

0

ලෝක කම්කරු දිනය සමරන හෙට (01) දිනයේදී කොළඹ නගරයේ අධික රථ වාහන තදබදයක් ඇතිවීමට නියමිතව ඇති බැවින් අත්‍යවශ්‍යම කාරණයක් හැරුණු කොට කොළඹ නගරයට පැමිණිමෙන් වැළකී සිටීම යෝග්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර පවසයි.

එසේම කොළඹ ජාතික රෝහලට රෝගින්ගේ සුවදුක් බැසීමට සහ හදිස්සි රෝගින් ගෙන ඒමට විකල්ප මාර්ග හදුන්වාදී ඇති බවද රුවන් ගුණසේකර සදහන් කලා.138,120,125,154,170 සහ 190 යන බස් මාර්ගවල ධාවනය වන මගී බස් රථ පෙළපාලි හේතුවෙන් විකල්ප මාර්ගවල ධාවනය කරවීමට පියවර ගන්නා බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

කොළඹ නගරයේ ඇතැම් මාර්ගවල වාහන ධාවනයටද සීමා පැනවීමට මෙදින සිදුවන ඇති බවද ඔහු සදහන් කලා.මෙදින ආරක්ෂක රාජකාරි සදහා පොලිස් නිළධාරීන් 2800ක් ද රථවාහන හැසිරවීමේ රාජකාරි සදහා නිළධාරීන් 2250ක්ද යොදවන බවයි රුවන් ගුණසේකර කියා සිටියේ.

තනි දිසාවට වාහන ධාවනයට සීමා පනවා ඇති කොළඹ මල්පාර ,පින්නල හංදියේ සිට මල්පාර හංදිය අතර කොටසත් ,බොරැල්ල හංදියේ සිට වෝර්ඩ් පෙදෙසේ කිංස්ලි පාර අතර කොටසක් බම්බලපිටිය වජිර පාරත් මැයි 01 වෙනිදා දහවල් 12.00 සිට රාත්‍රි 07.00 දක්වා දෙදිශාවටම වාහන ගමනා ගමනයට විවෘත්ත කරන බවද ඔහු පැවසුවා.