UNP කොකා වගේද අපේ කොකා ?

0

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය අතර කිසිදු ආකාරයේ ඩීල් එකක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක පවසයි.ඔහු සදහන් කලේ ,ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මේ වන විට සමාජයේ ඩීල් එකක් ක්‍රියාත්මක කරමින් සිටින බවයි.එහි කාර්‍යක් ලෙස 19ට අත එසවීම සිදු කල බවයි අමාත්‍යරයා සදහන් කලේ.

ශ්‍රිලනිප බහුතරය නැතිනම් එක්සත් ජාතික පක්ෂයට 19 සම්මත කර ගැනීම හීනයක් වන අතරම 19 සම්මත කලාසේම 20 වන සංශෝදනයද සම්මත කරන බවයි ඔහු පෙන්වා දුන්නේ.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරමින් අනුපාත ක්‍රමයක් පැවතීම එය විකෘත්ති නියෝජනයක් බවත් එය යක්ෂ මූණක් තියන මිනිස් කදක් හා සමාන බවද ඔහු පෙන්වා දුන්නා.

සැබෑ ජන මතය පෙන්නුම් කරන්නේ කේවල ක්‍රමය සහ සමානුපාතික යෝජනා ක්‍රමය සහිත මිශ්‍ර ක්‍රමයකට බවත් පාර්ලිමේන්තුවේ 143ක් අපිට පවතින බවද අමාත්‍යරයා සදහන් කලා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යරයා කියා සිටියේ ,එක එක අය මොනවා කිව්වත් එජාපය අපිට කොකා පෙන්නන්න බෑ .අපේ කොකා ලොකුයි .යු .එන් .පි කොකා පුංචියි යනුවෙනි.