වෙනසක ඇරඹූම බොදු බලයෙන් ?

0

වැලේ වැල් නැතිව සිටින බොදු බල සේනා සංවිධානය මේ වන විට නව දේශපාලන පක්ෂයකින් ඉදිරි මැතිවරණයට සුදානම් වන බව වාර්තා වෙනවා.මේ සම්බන්ධයෙන් පසුගියදා කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එම සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලබොඩ අත්තේ ඥානසාර හිමි ප්‍රකාශ කලා.

බහුතර බෞද්ධ ජනතාව වෙනුවෙන් පෙනී සිටින බව ප්‍රකාශ කරමින් බොදුබල සේනාව පසුගිය රාජ්‍ය සමය කාලය පුරාවටම ප්‍රචණ්ඩත්වය මුදා හැරිය බව අද සියළු දෙනාටම නොරහසකී.අප ඒ පිළිබද කරුණු සදහන් නොකලත් දේශපාලන නියෝජිතයන් ඒ බව සදහන් කලා.බොදු බල සේනාවේ ඇතැම් ක්‍රියාකලාප නිසා එම සංවිධානය අද සියළු දෙනාටම තිත්ත වී ඇත්තේ ජාතිවාදි ගිනිදැල් වලට මෙරට බහුතර ජනයා වුවත් අකමැති නිසායි.

හැමදාමත් මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටී බොදු බල සේනා සංවිධානයට පසුගියදා මහින්ද රාජපක්ෂ පවා චෝදනා එල්ල කලා.එය දරා ගැනීමට නොහැකිවූ බල සේනාව පසුව මහින්ද රාජපක්ෂට නොදැනි විවේචන එල්ල කරන්නට විය.චීවරයට මුවාවී බහුතර ජනයා මුලා කරමින් කටයුතු කරන බොදු බල සේනා සංවිධානය සම්බන්ධයෙන් දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙකු දැක්වූ අදහස් අප වෙබ් අඩවියේ මෙසේ සදහන් කර තිබෙනවා.

(උපුටා ගැන්ම )

(01) මහින්ද රාජපක්ෂ නමැති මහා වෘක්ෂය කඩා වැටුණේ ඒ ගහ වටා හිටපු පණුවෝ හින්දා.බොදුබල සේනා කරේ දාගත්ත අය පණුවෝ. ආණ්ඩුව ඇතුලේ ඉදගෙනම ආණ්ඩුව විවේචනය කරපු ආර්ථික ඝාතකයෝ කියලා කෑ ගහපු අය පණුවෝ. ලෙන් දොර ඇරලා කියලා එළියට ගිහින් අයෙත් ලෙන් දොර වහලා කියලා ඇතුළට ආපු අය පණුවෝ. ඒ පණුවෝ නිසා තමයි මහින්ද පැරැදුනේ යැයි අමාත්‍ය ඩිලාන් පෙරේරා පවසයි.

(02) බොදුබල සේනාව මෙන් ජාතිවාදී සංවිධාන විසින් ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජනතාවට එරෙහිව මුදාහැරිය ප්‍රචණ්ඩත්වයන් පිටුපස පසුගිය මහින්ද රාජපක්‍ෂගේ රජය සිටි බව මුස්ලිම් කොංග්‍රසයේ නියෝජ්‍ය ලේකම් මෙන්ම කල්මුණේ නගරාධිපති එම්.නිසාම් කාරියප්පර් පවසයි.

“එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ආගමික නිදහස සදහා වන උපකමිටු රැස්වීම, පසුගිය 12 වැනිදා එහි විශේෂ නියෝජිත Hainar piltpelt ගේ ප්‍රධානත්වයෙන් ජිනීවා පිහිටි මානව හිමිකම් කොමිසම් කාර්යාලයේදී පවත්වා ඇති අතර එහිදි ‘මුස්ලිම් ජනතාවට එරෙහිව මුදාහැරිය ප්‍රචණ්ඩත්වයන්’ යන මාතෘකාව යටතේ කතාවක් පවත්වමින් නිසාම් කාරියප්පර් මේ බව සදහන් කල බව සෙයිදි වෙබ් අඩවිය සදහන් කරයි.

1915 වර්ෂයේ මුස්ලිම් ජනතාවට එරෙහිව සිදුකල ජාතිවාදී අරගලය පිළිබදව සහ 1956 වර්ෂයෙන් පසු එස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරණායකගේ පාලන කාලයේ සුළු ජාතික ජනතාවට එරෙහිව මුදාහැරිය ප්‍රචණ්ඩත්වයන් පිළිබදව ඓතිහාසික සාක්ෂි සහිතව පැහැදිලි කල නිශාම් කාරියප්පෙරුම, 2011 වර්ෂයේ සිට මුස්ලිම් ජනතාවට එරෙහිව බෞද්ධ ජාතිවාදී බලවේගයන් විසින් මුදාහැරිය ප්‍රචණ්ඩත්වයන් පිළිබදව සහ සිංහල ජාතිවාදී, ආගම්වාදී සංවිධාන වල පසුබිම පිළිබදවත් පැහැදිලි කර තිබේ.

දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය සමග පැවැති යුද්ධය අවසන් කල පසු, මුස්ලිම් ජනතාව මර්ධනය කිරීමට ඔවුන්ගේ ව්‍යාපාරික ස්ථාන ඉලක්ක කරගෙන, ඒවා විනාශ කිරීම සදහා මහින්ද රාජපක්‍ෂගේ රජය බොදුබල සේනා සංවිධානය හසුරුවන ලද ආකාරය පිළිබදව සාක්ෂි සහිතව පෙන්වාදි තිබේ.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, බොදුබල සේනා සංවිධානයේ ව්‍යාපාරික පුහුණු මධ්‍යස්ථානයක් විවෘත කර තැබූදා සිට අළුත්ගම සිදුවීම ‍දක්වා මුස්ලිම් ප්‍රජාවට එරෙහිව සිදුකල ප්‍රචණ්ඩත්වයන් සමග ඔහුට සම්බන්ධකම් තිබුණු බව ඔහු පෙන්වාදී ඇත. එමෙන්ම, මියන්මාරයේදී කිසිදු අනුකම්පාවක් නොමැතිව මුස්ලිම් ජනතාව ඝාතනය කල සංවිධාන 696ක නායකත්වය දරණ චිරත හිමි සමග බොදුබල සේනාවට ඇති සමීප මිත්‍රත්වය පිළිබදවත්, ඔහුව ශ්‍රී ලංකාවට කැටුව ගෙනැවිත් මුස්ලිම් ජනතාවට එරෙහි සමුළුවට සහභාගි කරවීම ඇතුළු බොහෝ කරුණු සම්බන්ධයෙන් පැහැදිලි කර ඇත.

බොදුබල සේනාව මෙන් සිංහල ජාතිවාදී සංවිධාන විසින් මුස්ලිම් ජනතාවට එරෙහිව මුදාහැරිය ප්‍රචණ්ඩත්වයන්ට මහින්ද රාජපක්‍ෂගේ රජය වක්‍රාකාරව සහයෝගය ලබාදුන් බවත්, ඒ හේතුවෙන් එම ජාතිවාදි සංවිධාන විසින් මුස්ලිම් ජනතාවට එරෙහිව මුදාහැරිය ප්‍රචණ්ඩත්වයන් පවා වැළැක්වීමට හෝ එම සිදුවීම් වලට සම්බන්ධ පුද්ගලයින් පිළිබදව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමටවත් පසුගිය රජය ඉදිරිපත් නොවුන බව පෙන්වාදී ඇත.

අපගේ මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම්, පසුගිය රජයේ අධිකරණ අමාත්‍ය ධූරය හොබවමින් සිටි අවස්ථාවේදීත්, මුස්ලිම් ජනතාවට සිදුවූ අසාධාරණකම් වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමට නොහැකි දුර්භාග්‍ය තත්වයක් තිබුණි. මේ පිළිබදව ඔහු පාර්ලිමේන්තුවේදීත් කතා කර ඇති බව මේ අවස්ථාවේදී සිහිපත් කිරිමට කැමැත්තෙමි.

“ශ්‍රී ලංකාව බෞද්ධ රටක් බව ප්‍රකාශයට පත්කිරීම සහ අනෙකුත් ජනවර්ගයන් මර්ධනය කිරීම යන විශාල අරමුණකින් පසුගිය රජයේ පාලකයින්ගේ උපදෙස් වලට අනුව බොදුබල සේනා සංවිධානය පිහිටවන ලදි. මේ වනවිට රටේ ආණ්ඩු පෙරලියක් සිදුවී තිබීම හේතුවෙන්, ඔවුන් නිහඩව සිටියත්, අනාගතයේදී නැවත එම සංවිධාන ක්‍රියාත්මක නොවනු ඇතැයි යන්න කිසිදු විටෙක තහවුරු කල නොහැකිය.

එබැවින්, මෙවැනි ජාතිවාදී සංවිධාන සම්පූර්ණයෙන් මර්ධනය කිරීමට නම්, සිදුවූ සිදුවීම් සම්බන්ධයෙන් යුක්තිය රැගෙනදීම සදහා ජාත්‍යන්තර වශයෙනුත්, දේශීය වශයෙනුත් නිසි ක්‍රියාමාර්ගයක් ගත යුතුය” යනුවෙන් නිශාම් කාරියප්පෙරුම ප්‍රකාශ කර ඇත.

ඉන් අනතුරුව, සභාවේදී විමසූ ප්‍රශ්ණ වලට පිළිතරු ලබාදුන් නිශාම් කාරියප්පෙරුම,

“පසුගිය පාලන කාලයේ මුස්ලිම් ජනතාවට එරෙහිව මුදාහැරිය ප්‍රචණ්ඩත්වයන් පිළිබදව ක්‍රියාමාර්ග ගැනීමට නව රජය උත්සාහ කරනවාද? යන්න විමසූ අවස්ථාවේදී, “එය ඉවසීමෙන් බලාසිටිමු. විශ්වාසයක් ඇත”යනුවෙන් නිසාම් කාරියප්පර් ප්‍රකාශ කර ඇත.

(03)ජුනි 15 වැනිදා අලුත්ගමදි බොදුබල සේනා සංවිධානය පැවැත්වූ ප්‍රසිද්ධ රැස්වීමේ පැවැත්වූ කථා මගින් ජාතිවාදය අවුළුවා තිබෙන බව විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පවසයි.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් නිදහස් අධ්‍යාපනය රැකගන්නට රැස්වීම් තබද්දී පෙළපාලි යද්දී මහජනයාට පීඩා වන්නේ යැයි කියා උසාවි නියෝග ගෙන ඒවා නවත්වන ආණ්ඩුව, අළුත්ගම ප්‍රදේශයේ බොදුබලසේනා සංවිධානය පැවැත්වූ රැස්වීම හා රැළිය නැවැත්වීමට කටයුතු නොකළේ ඇයි දැයි ප්‍රශ්න කරනවා .

විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී පසුගිය දිනවලදී අලුත්ගම ගැටුම ඉදිරිපිටදී රජය විසින් විවිධ පුද්ගලයින්ට නීතිය අතට ගැනීමට ඉඩදී නිහඬව බලා සිටී බවටද චෝදනා කලා.

කෙසේ වෙතත් මේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණ වාර්තාවක් අවශ්‍ය වන අතරම මේ සිද්ධිය සිදුවීමට ඉඩ ලබාදී බලා සිටියේ ඇයි යනුවෙන් විපක්ෂනායකවරයා අග්‍රාමාත්‍ය දි .මු ජයරත්නගෙන් ප්‍රශ්න කලා.

එයට පිළිතුරු ලබා දෙමින් අග්‍රාමාත්‍ය දි .මු ජයරත්න සදහන් කලේ ,මේ සිද්ධියේ පරීක්ෂණ කටයුතු දැන් ආරම්භ කර ඇති අතර ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ අවසන්වු වහාම සියළු දෙනා අත්අඩංගුවට ගැනීම සදහා කටයුතු කරන බවයි.

(උපුටා ගැන්ම අවසන් )

පහත දැක්වෙන්නේ බොදු බල සේනා සංවිධානය සම්බන්ධයෙන් දේශපාලන නියෝජිතයන් පල කල අදහස් කිහිපයක් පමණී.එසේම බොදු බල සේනා සංවිධානය සම්බන්ධයෙන් ජනතාව සතු පිළිකුල කෙබදු දැයි සනාත කිරීම සදහා මෙම සංවිධානය සම්බන්ධයෙන් අප වෙබ් අඩවියේ පල කල පුවත් වලට ලැබී ඇති පාඨක අදහස් කිහිපයක් මෙලෙස සනිටුහන් කරන්නට කැමැත්තෙමු.

gnasara 04 gnasara 03 gnasara 02 gnasara 01

බහුතර ජනයා අතරත් මෙලෙස අපකීර්තියකට ලක්ව පවතින මෙවැනි සංවිධාන වලට තව තවත් අතහිත දෙන්නෝ කවරහුද ?