සැඩ පහරක් නිසා දැරියක් මරු තුරුලට ! (Photos)

0

නෝර්වුඞ් පොලිස් වසමට අයත් සෙන්ජෝන්ඩිලරි වතුයායේ මව සහ පියා සමඟ ගවයන්ට තණ කොළ කැපීමට ගිය අවුරුදු හයක් වයසැති රාජාඅභිශාන්ති නැමැති දැරිය අද (05) පස්වරු 5 ට පමණ එම වතුයාය හරහා කෙසෙල් ගමු ඔයට ජලය ගලා බසින ඇල මාර්ගයකින් එගොඩවීමේදී අධික වර්ෂාවත් සමගම එක්වරම පැමිණි ජල පහරකට ගසා ගෙන ගොස් තිබෙනවා.

මව සහ පියා මුලින්ම එම ඇලෙන් එගොඩවී ඇති අතර පිටුපසින් පැමිණි දැරියයි මෙසේ ඇල පහරට හසුවී ගසාගෙන ගොස් තිබෙන්නේ. නෝර්වුඞ් පොලීසිය සහ ප‍්‍රදේශවාසීන් එක්ව ඇල මාර්ගයේ කළ සෝදිසියකින් පසු අද පස්වරු 6ට පමණ එම දැරිය ඇල මාර්ගයට වැටුණු ස්ථානයට අඩි කීපයක් පහළින් තිබී දැරියගේ මළ සිරුර සොයා ගෙන තිබෙනවා.සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දික්ඔය මූලික රෝහලට යවා ඇති අතර සිද්ධිය පිළිබඳව නෝර්වුඞ් පොලීසිය පරීක්ෂණ පවත්වනවා.

(රංජිත් රාජපක්ෂ )

DSC08861 DSC08847 DSC08849