සිංහල ,බෞද්ධයන් වෙනුවෙන් BBS ලා පාර්ලිමේන්තුවට

0

බොදු බල සේනා සංවිධානය ආරම්භ කරන පක්ෂය පිළිබදව හෙට දිනයේදී මැතිවරණ කොමසාරිස්වරයා හමුවි සාකච්ඡා කරන බව එම සංවිධානයේ ,ප්‍රධාන විධායක ඩිලන්ත විතානගේ පවසයි.අද (05) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදි ඔහු මේ බව කියා සිටියා.

බොදු බල සේනා සංවිධානය මින් ඉදිරියට කිසිදු දේශපාලන පක්ෂයක් සදහා සහයෝගය නොදක්වන බවත් මෙරට සිංහල බෞද්ධ ජනතාව ගැන සිතා පක්ෂයක් ආරම්භ කිරීමට තීරණය කල බවයි ඔහු වැඩිදුරටත් සදහන් කලේ.

අද වන විට පාර්ලිමේන්තුව තුළ මුස්ලිම් ,ක්‍රිස්තියානි ,හින්දු මන්ත්‍රිවරුන් සිටින අතරම පාර්ලිමේන්තුවේ සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් පෙනී සිටින මන්ත්‍රිවරුන් නොමැති බවද ඔහු පෙන්වා දුන්නා.ඒ නිසා පාර්ලිමේන්තුවේ සිංහල බෞද්ධ මන්ත්‍රිවරුන්ගේ ප්‍රතිශතය වැඩි කිරීම අතිශයින් වැදගත් බවත් ඒ සදහා නව දේශපාලන පක්ෂයක් අවශ්‍ය බවද ඔහු අවධාරණය කලා.

ඒ අනුව හෙට උදෑසන 10.00ට බොදු බල සේනා සංවිධානය මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයා සමග සාකච්ඡා කරන බවද ඔහු කියා සිටියා.

බොදු බල සේනා සංවිධානයේ අනුග්‍රහය යටතේ ආරම්භ කරන නව පක්ෂයේ නායකයන් ඉදිරියේදී ප්‍රකාශයට පත් කරන බවත් ඉදිරි සතිය තුළදී සිංහල බෞද්ධ පක්ෂයක් ආරම්භ කරන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.