20,19 ගේනවා !

0

20 වන පනත් කෙටුම්පත ලබන 19 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සුදානමක් පවතී.ඊයේ (11) 20 වන පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායකයන් සාකච්ඡාවක් පැවැත්වූවා.

එහිදී මෙම තීරණය ගෙන තිබෙනවා.මැතිවරණ ක්‍රමය වෙනස් කරන 20 වන සශෝදනය පිළිබදව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.මැතිවරණ සංශෝදනය සම්බන්ධයෙන් තවත් යෝජනා ඇත්නම් ඒවා ලබන 13 වනදා දහවල් 12.00 ට පෙර ජනාධිපති ලේකම් කාර්‍යාලයට දැනුම් දෙන ලෙසටද එහිදී ජනාධිපතිවරයා දැනුම්දී තිබෙනවා.

නමුත් දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග හරහා පෙන්වා දෙනු ලබන්නේ 20 වන සංශෝදනය සම්මත කර ගැනීමට කටයුතු කලත් ඉදිරි මැතිවරණය පවතින මැතිවරණ ක්‍රමයටම පැවත්වීමට තීරණය කර ඇති බවයි.