චන්ද්‍රිකා ආණ්ඩුව පාවා දෙයි !

0

වත්මන් රජයේ ඇති අර්බුධ “එළිවෙන සෙල්ලම් හොද හොද ජාමෙට මෙන් “ආණ්ඩුවේ ප්‍රධානින්ගේම කටින් එළියට පණී.මෙතෙක් කාලයක් පුරාවටම ආණ්ඩුවක් තුළ යම් මූල්‍යමය අර්බූධයක් පවතී නම් එය යට ගසා විසදුමක් සොයනවා වෙනුවට එය ප්‍රසිද්ධ මාධ්‍යයේ වැමෑරීමක් සිදු කලේ නෑ.

වත්මන් රජයේ මූල්‍යම අර්බුධයක් ඇති බවට අපට දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග හරහා වාර්තා වූයේ මීට මාස ගණනකට ඉහතදීය.නමුත් හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාරණායක විසින් පසුගියදා පැවති උත්සවයකදී ඉල්ලන් කෑවා.ඒ ආණ්ඩුවේ මූල්‍යම අර්බුධ ඇති බවට ඇය ප්‍රසිද්ධ මාධ්‍ය ඉදිරියේ පිළිගැනීම හේතුවෙන්.

අප වෙබ් අඩවියේ පල කර ඇති පුවත දෙස අවධානය යොමු කරන්න

(උපුටා ගැන්ම )

රට බංකොලොත් -රාජ්‍ය සේවය හබස් !

“පසුගිය ආණ්ඩුවේ අධූරදර්ශි සංවර්ධනය නිසා රටේ ආර්ථිකය මේ වන විටත් බංකොලොත්වී ඇති බව හිටපු ජනාධිපතිණි චන්ද්‍රිකා බණ්ඩාරනායක පවසයි.ඇය මේ බව කියා සිටියේ ,අද (10) පැවති උත්සවයකට සහභාගි වෙමින්.

පසුගිය ආණ්ඩු කාලය පුරාවටම දූෂණ ,වංචා ඉහළ ගොස් පැවතුණ අතරම ඒ හේතුව නිසා අද වත්මන් රජය වැඩ කරන ජනතාවට මුදල් ගෙවන්නේ ඉතාම අමාරුවෙන් බවද ඇය සදහන් කලා.රාජ්‍ය සේවකයන් ඉල්ලා ඇති යතුරු පැදි ටික ලබා ගැනීමටවත් මේ වන විට රජයට මුදල් නොමැති බවද ඇය කියා සිටියා.

එක ව්‍යාපෘතියක් සදහා පසුගිය රජය වැය විය යුතු මුදලට වඩා තුන් ගුණයකින් මුදල් වියදම් කර ඇති බවත් අද වන විට රට තුළ ප්‍රතිවිප්ලවයක් හටගෙන ඇති බවද ඇය අවධාරණය කලා.විශාල නාස්තියක් රට තුළ ඇතිවී ඇති අතර එහි ප්‍රතිපල අද භුක්ති විදින්නේ වත්මන් රජය බවත් රජයේ රැකියා බලාපොරොත්තු නොවන ලෙසට තමන් ජනතාවට දැනුම් දෙන බවද ඇය පැවසුවා.”

නමුත් හිටපු ජනාධිපතිණියගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ඊයේ (11) කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අමාත්‍ය රවී කරුණානායක අදහස් පල කලා.ඔහු කියා සිටියේ ,

රාජ්‍ය සේවකයින්ට වැටුප් ගෙවාගැනීමට පවා වත්මන් රජයට මුදල් නොමැති බවට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග සිදුකළ ප්‍රකාශය පදනම් විරහිත බවයි.රට වත්මන් රජය භාර ගන්නා අවස්ථාවේදී එවැනි තත්වයක් පැවතුණ අතරම දැන් රජයට ඕනෑ තරම් මුදල් ඇති බවද අමාත්‍යරයා පෙන්වා දුන්නා.

මීට පෙර අවස්ථා ගණනාවකදී වුවත් චන්ද්‍රිකාගේ නොමනාසුළු ප්‍රකාශයන් නිසා වත්මන් රජයට සිදුවූ අපහාසුතාවයන් අනන්තයි ,අප්‍රමාණයි.නමුත් ඒ සියල්ලක්ම අමතක කරගනිමින් ඇයව ආණ්ඩුව තුළ රදවා ගැනීමට ආණ්ඩු පක්ෂයේ ප්‍රධානීන් කටයුතු කලත් ඇය ආණ්ඩුව හිතා මතාම ජනතාව ඉදිරියේ නැති භංගස්ථාන කරනවා දැයි අපට ගැටළු සහගතයි.