පරිසරය සුරකින්න විධායක බලතල භාවිතා කරනවා

0

තමන්ගේ විධායක බලතල භාවිතා කරමින් පරිසරය සංරක්ෂණය කිරීම සිදු කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසයි.ඊයේ (11) නිතී විද්‍යාලයේ පැවති වැඩසටහනකට එක් වෙමින් ජනාධිපතිවරයා මේ බව සදහන් කලා.

පසුගිය රජයේ සිදුකල සංවර්ධන ව්‍යපෘති රැසක් හරහා පරිසරයට විශාල හානියක් සිදුව ඇති බව පෙන්වා දෙන ජනාධිපතිවරයා වැඩිදුරටත් සදහන් කලේ ,දැනට ඉතිරිවී ඇති පරිසර සංරක්ෂණයට තමන්ගේ විධායක බලතල උපරිමයෙන් පාවිච්චි කරන බවයි.

මානව සමාජයකට ආදරය කරන මානව සමාජයක් ගොඩ නැගීමේ වගකීම අපට පැවරී ඇති බවත් පරිසරයට ආදරය කරන සංවේදී මිනිසුන් පිරිසක් බිහි කල යුතු බවද ජනාධිපතිවරයා සදහන් කලා.