යහපාලන බබාද ?58 බබාද ?තීරණය ඔබ සතුයි !

0

වත්මන් ආණ්ඩුවට තවත් ඉදිරියට යෑමට කිසිදු ආකාරයක සදාචාරාත්මක අයිතියක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් සොයිසා පවසයි.පසුගියදා ගොඩකවෙල පැවති ජනහමුවකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කලා.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට ගරු කරන බවද ඔහු කියා සිටියා.ලක්ෂ 58ක ජනතාවගේ බලාපොරොත්තු ඉටු කිරීම සදහා මහින්ද රාජපක්ෂ දැන් සුදානම් විය යුතු අතරම එක විට ළමයින් දෙදෙනෙකු නැළවීමට හැකියාවක් නොමැති බවද ඔහු පෙන්වා දුන්නා.

එක්කෝ යහපාලන බබා හෝ 58 බබා තෝරා ගත යුතු බවත් එසේ නොමැති වුවහොත් 58 ලක්ෂ බබා හැටපන් ලක්ෂයක් කරමින් ජාතියේ ආඩම්බර කාර තාත්තාට භාර දෙන බවයි මන්ත්‍රිවරයා අවධාරණය කලේ.