ආණ්ඩුවේ විශ්වාසය බිංදුවට බහිනවා

0

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් බලයට පත්වුවත් ඒ අය සදහා ඔවුන් වැඩක් කරගෙන නොමැති බව ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.

ඊයේ (11) පිළියන්දල පැවති ජනහමුවකට එක් වෙමින් ෆොන්සේකා මේ බව කියා සිටියා.

තමන්ට එක්සත් ජාතික පක්ෂයේ සංවිධායකරයෙකු මේ බව ප්‍රකාශ කල බවයි ෆොන්සේකා සදහන් කලේ.

මේ අතර සරත් ෆොන්සේකා පසුගියදා අම්බලන්ගොඩ නගර ශාලාවේදී පැවැති උත්සවයකට සහභාගි වුණා.එහිදී අදහස් දක්වමින් ඔහු කියා සිටියේ ,වත්මන් ආණ්ඩුවද මහ හොරු නොඅල්ලා යහපාලනයට විරුද්ධව ක්‍රියා කරන බවයි.

හොරුන් දූෂිතයන් එළවා දැමීමට ප්‍රධාන පක්ෂ දෙකටම අවශ්‍යතාවත් නැති බව පවසන හෙතෙම, හොරකම්වල තෝරු මෝරු නොඅල්ලා සිටින වත්මන් යහපාලන ආණ්ඩුව ගැනද විශ්වාසය බිදවැටෙමින් තිබෙන බව පෙන්වා දුන්නා.