කිරි ගවයන් මරා දාලා (Photos)

0

ඊයේ (11) රාත්‍රියේදී කනන්කේ කම්හල්වත්ත මාර්ගයට ආසන්නයේ පැටවුන් ලැබිමට සිටි එළදෙනුන් දෙදෙනෙකු අමානුෂික ලෙස ඝාතනය කොට තිබෙනවා.මෙම හරක් දෙදෙනා කපා එක් පැටවෙකු ගගට විසි කොට තිබේ.

ගම්වාසින් පැමිණෙන විට මෙම ඝාතකයන් පලා ගොස් ඇති අතර (අද 12) උදෑසන මෙම හරක් දෙදෙනා බැලිමට විශාල පිරිසක් මේ ස්ථානයට පැමිණි අතර ඔවුන් දැඩි වේදනාවකින් මෙම හරක් දෙදෙනා වලදමන ආකාරය දක්නට ලැබුණි.සිද්ධිය සම්බන්ධයෙන් කනන්කේ පොලිස් ස්ථානය මගින් පරික්ෂණයක්ද ආරම්භ කොට ඇත. හරක් ජාවාරම්කරුවන් වහාම අත්අඩංගුවට ගෙන නීතිය ඉදිරියට ගෙන එන ලෙස ප්‍රදේශවාසින් ඉල්ලා සිටිනවා.

(නිමල් අල්ගෙවත්ත )

20150512_082311 20150512_082327 20150512_082339